උණුසුම් පුවත්ක්‍රීඩා

කිලෝමීටර් 10 මිනිත්තු 29කට අඩුවෙන් ධාවනය කළ ලොව පළමු කාන්තාව කෙන්යාවෙන්

කිලෝ මීටර් 10ක දුරක් මිනිත්තු 29කට අඩු කාලයකින් ධාවනය කළ ලොව පළමු කාන්තාව බවට කෙන්යාවේ ඇග්නස් ජෙටික් (Agnes Ngetich) පත්ව සිටිනවා.

කෙන්යානු දුර දිවීමේ ශූරියක වන ඇග්නස් ජෙටික් කිලෝ මීටර් 10 දුර දිවීමේ ලෝක වාර්තාව ඊයේ ස්පාඤ්ඤයේ පැවති Valencia Ibercaja මාර්ග ධාවන තරගයේදී බිඳ දැමුවේ කළින් තිබූ වාර්තාවට වඩා තත්පර 28ක් අඩුවෙන් තරගය අවසන් කරමින්.

මිනිත්තු 28යි තත්පර 46ක කාලයක් සටහන් කළ ඇය මකා දැමුවේ මීට දෙවසරකට පෙර ඉතියෝපියාවේ Yalemzerf Yehualaw තබා තිබූ මිශ්‍ර ධාවන තරග ලෝක වාර්තාව.