උණුසුම් පුවත්දේශපාලන

ජනතාව ණය කාරයන්, ජනපතිගේ සංචාරයට ලක්ෂ 2000 ක් වෙන් කරලා – විපක්ෂ කායක

  රටේ ජනතාව ලක්ෂ 12 ක ණය කාරයන් වෙද්දි ජනපතිගේ සංචාර සදහා  ලක්ෂ 2000 ක් වෙන් කරලා යැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

 චෝක් බෝඩ් එකෙන් ස්මාර්ට් බෝඩ් එකට අධ්‍යාපනය වෙනස් විය යුතු කාලයේ ජනාධිපතිවරයාගේ විදේශ ගමන් ඇතුළු සෙසු කටයුතු සදහා ලක්ෂ 2000 ක් වෙන් වෙනවා. රටේ සම්පත් හිගතාවක් ඇතිව තිබෙන මොහොතක ජන ජීවිත කඩා වැටී ඇති මොහොතක කෘෂිකර්මාන්තය කඩා වැටී ඇති මොහොතක මෙවන් සුවිශාල මුදලක් වෙන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

නැනෝ පොහොර,කාබනික පොහොර හොරකම් කර සැම කෙනකුගේ ම ජන ජීවිත විනාශ කර ණය බරතාව ඉහළ නංවා සැම පුද්ගලයකුම රුපියල් ලක්ෂ 12 ක ණය කාරයෙක් බවට පත් කර ඇති බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පෙන්වා දුන්නේ අද (15) සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනේ 67 වැනි අදියර යටතේ රත්මල්ගහවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

2019 තමා විසින් කාන්තාවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත භාවය ගැන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ අවස්ථාවේ එයට මඩ ගසා එම ප්‍රතිපත්තිය යට කර ජනාධිපතිවරණය ජයගත් නමුත් අදටත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවෙන බවත් රටේ මෝඩ කතා කිය කිය මෝඩ විහිලු කර කර සිටින බවත් මේ මෝඩ තීන්දු නිසා රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවත් මෝඩ තීන්දු ගන්න එපා

මෙවන් මෝඩ තීන්දු තවදුරටත් නොගෙන නවීන තාක්ෂණය හා සම්බන්ධ වී කෘෂිකර්මාන්තය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම සංවර්ධන කළ යුතු බවත් අධ්‍යාපනය යනු ලෝක පරිවර්තනය උදෙසා යොදා ගත හැකි බලවත්ම ආයුධය බවට නෙල්සන් මැන්ඩෙලා මහතා කියා සිටි බවත් එය යථාර්ථයක් බවට පත් කර ලෝකයේ වෙළෙද පොළට ගැලපෙන ලෙස අපේ රටේ ශ්‍රම වෙළෙද පොළ සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය..

අමනෝඥ කතා කියන පුද්ගලයන් ගැන හිතන්න එපා

අවංකව පිරිසුදුව මේ රටේ අධ්‍යාපනය තුළින් රට ගොඩ ගත හැකි බැවින් අමනෝඥ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන් ගැන නොසිතා අමනෝඥ කතා කියනා පුද්ගලයන් ගැන නොසිතා යහපත් අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී  වැඩ්ළේ දුරටත් සලදහන් කළේ ය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56 කට රුපියල් ලක්ෂ 1719 ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථ 80 ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892 ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 67 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 645 ක් වැය කර තිබේ.

කිසිම රාජ්‍ය නායකයෙක් නොකළ දෙයක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළා යැ යි මෙහිදී අදහස් දක්වමින් විදුහල්පතිනි චම්පා ප්‍රියදර්ශනී ගුණවර්ධන මහත්මිය පැවසුවා ය.

විපක්ෂ නායකතුමාගේ උත්තරීතර සංකල්පයක් ලෙස සක්වල හැදින්විය හැකි බවත් එය විද්‍යාලයට සිහිනයක්ව පැවැතියත් එය අද යථාර්ථයක් වූ බවත්⁣ හොරව්පතාන රත්මල්ගහවැල මහා විද්‍යාලයේ විදුහල්පති චම්පා ප්‍රියදර්ශනී ගුණවර්ධන මහත්මිය සලදහන් කළා ය.

කිසිදු රාජ්‍ය නායකයෙන් මින් පෙර මෙවැනි සුවිශාල දායකත්වයක් ලබා නොදුන් බවත් අද දින සුහුරු පන්ති කාමර සිහිනය සැබැ කර ගැනිමට හැකියාව ලැබුණු බවත් විදුහල්පතිනිය වැඩිදුරටත් කීවා ය.

බලයක් නොමැතිව මේ තරම් වැඩක් කරනවා නම් බලය ලැබුනම මීට වඩා වැඩ කොටසක් ඉටු කරාවි යැ යි ද ඈ පැවසුවා ය.

සක්වල වැඩසටහන යනු සුහුරු අධ්‍යාපනය තුළින් නව ලොවට ප්‍රවිශ්ඨ විය හැකි දරු පරපුරක් නිර්මාණය කරණ වැඩසටහනක් බවත් රටේ සංවර්ධනයට බලපාන අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂි සංවර්ධනයක් සිදු කිරීමට විපක්ෂයේ සිට මේ තරම් කාර්යභාරයක් ඉටු කරන්නේ නම් බලය ලැබුණු විට මීට වඩා වැඩ කොටසක් සිදු කළ හැකි බවට විශ්වාස කරන බවත් හොරව්පතාන රත්මල්ගහවැල මහා විද්‍යාල⁣යේ සිසුවකු වන කාවිද්‍ය ප්‍රභාධ සිසුවා පැවසීය.