උණුසුම් පුවත්

කිලෝ ග්‍රෑම් 71කට අධික කේරළ ගංජා තොගයක් විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

යාපනය කෝපායි පොලිස් වසමේදී කිලෝ ග්‍රෑම් 71කට අධික විශාලතම කේරළ ගංජා තොගයක් ත්‍රිරෝද රථයක් යොදා ගනිමින් ජාවාරමෙි යෙදුන පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ පොලිස් පරික්ෂක ඊ.ඒ.ඩබ්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.10 වන දින කෝපායි පොලිස් වසමේ උරුම්බිරායි ප්‍ර‍දේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ජවාරම් කිරීම සඳහා ත්‍රිරෝද රථයක් මගින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 71.300 ක් ප්‍රවාහනය කරමින් සිටි මාදගල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.