උණුසුම් පුවත්

වීදි ගීත ප්‍රසංගය සහ සංවාද මණ්ඩපය

Sugathapala mendis

අසූව දසකයේ නාට්‍ය ගීත ප්‍රසංගයක් සහ එම දසකයේ නාට්‍ය ගීතයේ සාහිත්‍ය සහ දේශපාලන ප්‍රවණතා මැයෙන් සංවාද මණ්ඩපයක් අංක 381 ඩීන්ස්පාර මරදාන යුක්තිය හා සාමයික කේන්ද්‍රයේ සීඒස්ආර් (CSR) හි දී පැවැත් වේ.

2024 ජනවාරි 16 වන දා සවස 3. 00 ට පැවැත්වෙන මේ ප්‍රසංගයේ දී ගාමිණි හත්තොටුවේගම, ධම්මික බණ්ඩාර, විජිත ගුණරත්න, අනුරුද්ධ ලොකුහපුආරච්චි, තුසිත සිල්වා, ජානක පෙරේරා, ඒ. එම්. අහමඩ් යන මහත්වරුන් විසින් රචිත අසූව දසකයේ ජනප්‍රිය නාට්‍ය ගීත ගායනා කෙරේ.
රවි ප්‍රනාන්දුගේ සංගීතයට නිහාල් සුරංජි, අමරදාස හීනුක්වැව සහ තරංග ගුණවර්ධන ඇතුළු පිරිසක් වීදි ගීත ගායනා කරති.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගත් වටගෙදර, සම්මානනීය සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහත්වරුන් සහභාගි වෙන සංවාද මණ්ඩපය පුවත්පත් කලාවේදී සුගතපාල මැන්දිස් මහතා විසින් මෙහෙයවන ලැබේ.

නිදහස් ප්‍රවේශයට සියලු නාට්‍ය රසික රසිකාවියන්ට ආරාධනා කෙරේ. වැඩ සටහන අධ්‍යක්ෂණය රංගවේදී නිහාල් සුරංජි මහතා ගෙනි.