පාර්සලය දකුණු අප්‍රිකාවෙන් ලු
කොකේන් මත්ද්‍රව්‍ය පාර්සලයක් ලබා ගන්න ආ තරුණයකු ඔරුගොාඩවත්ත භාණ්ඩ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක දී පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ගේ ග්‍රහණයට නතු වී ඇත
ගුවන් තැපුල් මඟින් මේ මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට යි. අල්ලා ගන්නා ලද සැකකරු බොරැල්ල ප්‍රදේශයේ අයකු ය. ඔහු විසිපස් හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
මේ ජාවාරමට ඔහුට අනුබල දුන් තවත් පුද්ගලයන් දෙන්නකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.