ව්‍යාපාරික

කොටස් හුවමාරුවට හදුන්වාදෙන නියාමන රාමුව

කොළඹ කොටස් හුවමාරුවේ යටිතල පහසුකම් බැඳුම්කර නිකුත් කිරීම සහ ලැයිස්තුගත කිරීම පහසු කිරීම සඳහා නියාමන රාමුවක් සකස් කර තිබේ.

එය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කර ඇත.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මෙම සුවිශේෂී තීරණය රටේ ආර්ථික සංවර්ධනයට සහ යහපැවැත්මට දායකවන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා විදේශීය හා දේශීය ආයෝජන පෝෂණය කිරීම අරමුණු කර ගෙන ඇත.

මාර්ග, දුම්රිය, ජල කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති, ගුවන් තොටුපළ, වරාය, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, ස්වභාවික ආපදා ආරක්ෂණ පද්ධති, ගැඹුරු ජල වරායන්, ගෑස් සැපයුම් පද්ධති, උපයෝගිතා ව්‍යාපෘති, විදුලි සංදේශ යටිතල පහසුකම් වැනි වැදගත් ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය රැස් කිරීම යටිතල පහසුකම් බැඳුම්කරවල අරමුණ බව අවධාරණය කෙරේ.