විදෙස්

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර

රුසියාව විසින් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ, එම මිය ගිය පුද්ගලයින් අතර ළමුන් 05 දෙනෙකු ද සිටින බවයි.

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්.

අදාළ ප්‍රහාරයෙන් පසුව යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි ප්‍රහාරවල ප්‍රතිවිපාක රුසියාවට අත්විඳීමට සිදු වනු ඇති බවයි.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍යය අවධාරණය කර ඇත්තේ, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.