විදෙස්

කොවිඩ් පරීක්ෂණ කට්ටලවලින් යටි මඩි ගැසූ වියට්නාමයේ සෞඛ්‍ය ඇමති 18 වසරකට හිරගෙට යවයි

කෝවිඩ් වසංගතය සමයේ දී, කෝවිඩ් පරීක්ෂාවට අදාල පරීක්ෂණ කට්ටල ඉහළ මිලකට මිලදී ගෙන රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ වැරදි කරු වූ වියට්නාමයේ සෞඛ්‍ය ඇමති Nguyen Thanh Long වසර 18ක් සිරගත කිරීමට තීන්දු කර තිබේ.

එමෙන්ම තවත් සෞඛ්‍ය බළධාරීන් රැසකට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වියට්නාම රජය තීරණය කර ඇති අතර එකී ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයන්ට එරෙහිව ද නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වියට්නාම රජය කටයුතු කර ඇත.

ඒ අනුව මෙම වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයාට වසර 29ක සිර දඩුවමක් නියම කර තිබේ.

ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව වන්නේ, කොවිඩ් පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වී, අදාල සමාගම්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.2ක අල්ලසක් ලබා ගැනීමය.

තමන් මුදල් ලබා ගත් බව පිළිගෙන ඇති හිටපු සෞඛ්‍ය ඇමති අධිකරණය හමුවේ පවසා ඇත්තේ එය අල්ලසක් නොව තමන්ට ලැබුණු තෑගි මුදලක් බවය.

කෙසේ වෙතත් වියට් නාම් රාජය ඔවුන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට දඬුවම් නියම කර ඇත.