දේශපාලන

ජනාධිපතිගේ විශාල ආරක්ෂාව, සැප වාහන වහාම ඉවත් කරන බව අනුර කියයි

එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වාගෙන යන විශාල ආරක්ෂාව විසුරුවා හරින බවත් ඉතා අධික නඩත්තු වියදමක් සහිත වාහන සංචිතය ඉවත් කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කලේ ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා සංම්මේලනය අමතමිනි.

මීළඟට තේරී පත් වන ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ දේශපාලනඥයන්ගේ මහජන මුදල් අවභාවිතය නවත්වන බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට හමුදා සහ පොලිස් නිලධාරින් දහස් ගණනක් යොදවා ඇතත් ඇතැම් ග්‍රාමීය පොලිස් ස්ථානවල සිටින්නේ පොලිස් නිලධාරීන් දස දෙනෙකු වැනි කුඩා පිරිසක් බවත් එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු පසු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව විසුරුවා ඔවුන් ගම්බද පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයා ඇතුළු දේශපාලඥයන් භාවිතා කරන වාහනවල ඉන්ධන කාරක්ෂතාවය ලීටරයකට කිලෝමීටර් දෙක තුනක් බවද පැවසූ ඔහු ජාතික ජන බලවේග රජයක් යටතේ එවන් වාහන භාවිතය අතහැර දමන බවද කියා සිටියේය.

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවීම අරගලයේ අවසානය නොව එය රට ගොඩනැගීමේ නව පුණරුද යුගයක් කරා යන අරගලයේ ආරම්භය බවත් ඒ සඳහා මුළු රටම එක්වියයුතු බවත් ඔහු තවදුරටත් පැවසුවේය.