උණුසුම් පුවත්

ගංජා මිශ්‍ර මාවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු STF බලකායේ අත්අඩංගුවට.

යාපනය ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර අළෙවි කිරීම සඳහා ගංජා මිශ්‍ර මාවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් විය.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ පොලිස් පරීක්ෂක ඊ.ඒ.ඩබ්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.18 වන දින යාපනය පොලිස් වසමේ අංක 25, කාරෙයිකාට්ටු පාර, වන්නාර්පන්නෙයි, යාපනය ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී දිගු කලෙක සිට පාසල් ළමුන් ඉලක්ක කර අළෙවි කිරීම සඳහා ගංජා මිශ්‍ර මාවා කිලෝ ග්‍රෑම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි කොකුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.