ක්‍රීඩා

20, 20 දෙවැනි තරගයෙත් ජය ශ්‍රී ලංකාවට

ලකුණු 72 කින් ජය ඇෆ්ගනිස්ථානය - 115 යි

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවති දෙවැනි 20, 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 කිිින් ජය හිමි කර ගන්නට ලාංකේය කණ්ඩායම සමත්කම් පෑහ. තරග තුනකින් සමන්විත මේ ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලංකාව ජය අත්කර ගත්තේ ලකුණු හතරකිනි.

දඹුල්ලේ රන්ගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද පැවති දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාවේ පිතිකරුවන් ඉතා හොඳින් පිටියේ දස්කම් පෙන්වමින් පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 187 ක් රැස්කළහ.

ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ අවසන් පන්දු වාර කිහිපයේ දී  සිය දස්කම් නරඹන්නන්ට කදිමට පෙන්වමින්  පන්දු 22 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ලංකා පිළ ශක්තිමත් කරන්නට සමත් විය.

සදීර සමරවික්‍රම වැඩිම ලකුණු ලද ලාංකේය පිතිකරුවා විය. ඔහු ලකුණු 51 ක් රැස් කළේ ය. ඊට හතරේ පහර පහක් අයත් විය. පන්දු 42 කට හේ මුහුණ දුන්නේ ය.

පැතුම් නිස්සංක 25,  කුසල් මෙන්ඩිස් 23, නායක වනිඳු හසරංග 22,  ධනංජය ද සිල්වා 14

අස්මතුල්ලා ඔමල්ෂායි 40/2, මොහොමඩ් නබී 25/2)