සෙල් රුවක කඳුළු

ගිණි දලු නැගෙන මිහිමත සෙවණැලි පමණ
ගහකොළ පමණි දන්නේ අපගේ සිහින
දරුපැටවුන්ට හිසටත් සෙවණක් සදන
මගෙ හිතයටත් තිබුණා සහසක් සිහින
දෙන්නට උණුසුමක් බිරියට දරුවන්ට
සිතිවිළි පමණි බැරිවිය ඉටුකර ගන්ට
වෙඩිහඬ මැඳට පමණක් සීමා වෙන්ට
ජීවන ගමන විය සෙල් කුලුනක් වෙන්ට
ඉරහඳ පමණි තනියට සැමදා උන්නේ
අව්වැසි වලටදහයට සෙවණක් දුන්නේ
රැකවරණය පිණිස හිත මැඳ සැතපෙන්නේ
අසිපත පමණි මා ළඟ තනියට උන්නේ
ඈතට විහිද යන අසිපත්වල සද්දේ
දෝතට පිදුණු මල් කළඹක් නොව යුද්දේ
සීතට උණුසුමට නොව අසිපත ලද්දේ
මගෙ රට රකින්නයි මේ සීතල යුද්දේ
දරුපැටවුනට නොලැබුනි පියෙකුගෙ පිහිට
සෙවණක් නොවුනි බිරිඳට මගෙ පරපුරට
හැඟුමන් හිතේ තෙරපෙන අවු වැසි වලට
දහදිය සුවඳ පිරුණිය නැහැ පුඩු ළඟට
අව් වැසි වලට රැකවරණය නිළ ඇඳුමයි
සීතට උණුසුමට පිහිටත් නිළ ඇඳුමයි
රස මසවුළු යදින මුත් කුස නොම පිරුණයි
බිරිඳගෙ මුදු පහස අඩ නින්දක දැනුණයි
වට කොට මුතු ඇටය ගැන නිතරම සිතුවා
හෙට ගැන යමක් සිතයට සඟවනු බැරුවා
අට පහ නොදත් මගෙ පැටවුන් සිහිකරවා
හිතයට මමත් ටජ්මහලක් ඉඳි කෙරුවා
දරුපැටවුන්ගෙ දෑ ඟිලි අල්ලන් පැමිණ
නෙතුපිය නොසලාම මගෙ රූපය දකින
කඳුලැලි වගුරවන උන්ගේ දෙස බලන
මගෙ සෙල්රුවෙන් දහදිය උල්පත් හැළිණ

සඳ එළියේ
සුදු සඳ එළියේ වැව් කණ්ඩිය උඩට වෙලා
මුදු මදහාස පාමින් බොරු සිල් රැකළ
මදු මී විතක රස රහසක ඉව වැටිලා
රැඳු නෙත් කොනින් මීනෙට සෙනසුරු ලබලා
ලස්සන ඇදුම් ආයිත්තම් ටිකක් අරන් ගෙදර එන්න
තුට්ටු දෙකක් හම්බ කරා රෑ දවාල නොබලා ඔන්න
මහ වැස්සක් ඇද හැලිලා සේදෙන කොට පැතුම් ගොන්න
නොතෙමී ගෙදරට එනවා හනි හනිකට දොර අරින්න

------- ------------- -----------
අල්තීනායිට කියමි
අල්තීනායි
මට එක ගුරු පඬුරක් වත් එපා
වියළි ගොම ටිකක් ගෙනත් දියන්
ලිප මොළවා උණුසුම් වෙන්න
ශීත කාලය අත ළඟයි
ඒත් එක්කම
උණුසුම් හිනාවකුත් එවාපන්
අයිලය මැදින්
හමායන සුළඟ එක්ක


