උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසංස්කෘතිකසාහිත්යය හා කලාව චම්මිගේ හෑල්ල 2026-10-200 අසාරෙ සාරමතිනො සාධාරණයට දෙපැත්තක් හෝ ආගම් හෝ පක්ෂ පාට හෝ ජාති භාෂා නමින් විශේෂ යමක් තිබිය හැකිද? අනියමින් හෝ සිදුවන වැරදි සාධාරණය කරන්නාද දැනුවත්ව හෝ නොදැනුවත්ව හිත් අභ්යන්තරයේ ඇති කුණම ප්රදර්ශනය කරන්නේ ය. මෙය අද ඊයේ සිට නොවන දෙයකි. එය සතා සීපාවගේ සිට පැවත එයි. ආදී මිනිසාගේ සිට පැවත එයි. Gen Z යාද එයම කරතබාගෙන යයි. සමහරු එයට එරෙහි වෙයි. සමහරු එයට පක්ෂ වෙයි. එසේනම් එය ද සාධාරණය කියා අපි සොයා නොබලන්නේ ඇයි? අද සාධාරණය ,සාධාරණය කරන්නේ ඡන්දවලින් නම් ඒ ඡන්ද සාධාරණ නොවේ නම් අප සොයන සාධාරණය ඇත්තේ කොහිද? කෙනෙකුගේ පෙනීම හෝ දැකීම අනුව සාධාරණය සාධාරණ වේද? සාධාරණය අසාධාරණ වේද? එසේම සාධාරණය සාපේක්ෂව ද සාධාරණය විය හැකි ද? එහෙත් අද සාධාරණය, සාධාරණය කරන්නේ එලෙසින් නොවේද? ඒ නිසා මේ සමාජය යහපත් වෙන්නේ සාධාරණව සාධාරණය ඉටු වෙන කල්හිය. එදා ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට පාලකයන් හැදුවේත් සමාජයට සාධාරණය ඇවැසි නිසා ය. එහෙත් අසාධාරණ ලෙස සාධාරණය ඉදිකිරීමට නොගියේ නම් ධර්මිෂ්ඨ සමාජය හමුවේ අධර්මිෂ්ඨ ලෙස මහාචාර්ය සරත්චන්ද්රයන් බොරැල්ලේ තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පහර නොකනු ඇත. එවන් අසාධාරණ සිදුවීම් සාධාරණීකරණය කිරීමට ඉල්ලා සිටින සමාජය තවමත් ඉල්ලන්නේ එයම නොවේද? එසේනම් තිරිසන් සතාගේ සිට මේ වෙනතෙක් අපි සොයන්නේ සාධාරණය නම්, ඉල්ලන්නේ සාධාරණය නම් එක්කෝ සාධාරණය යන්න අසාධාරණ ප්රපංචයකි. නැත්නම් දියුණු යැයි කියන නූතන මිනිසා සාධාරණ යන්න නොදනී. එක්කෝ මිනිසා දියුණු වී නැත. නැතිනම් සාධාරණය යනු පවත්නා යැයි සිතන හුදු කල්පිතයකි. නිරිසතුන් සොයා යන්නාක් මෙන් වූ මිරිඟුවකි. මෙ නිසා අද කළ යුතු සාධාරණම දෙය නම් මෙවන් අරුත් ප්රායෝගිකව දැකිය නොහැකි එහෙත් සමාජයට එය කැරට් අලයක් කොට දක්වා ඇතැමුන් හාවුන් මරණ වදන් සමාජයෙන් මකා දැමීමයි. ඒ අනුව , සාධාරණය ,සත්ත්යය ,ප්රජාතන්ත්රවාදය , මනුසත්බව, ආගම ,යුක්තිය වැනි වදන් මේ සමාජයෙන් ඉවත් කළ යුතුය. එවිට ඒවා නැතැයි කියා දුක් වෙන්නෝ නැති වී ඔවුන්ගේ කාලය ආයෝජකයක් කරගත හැකිය. එසේම එය සොයා සටන් වදින්නෝ එය නවතාළනු ඇත. එවිට ඒ සටනට වැය කරන ශක්තිය හා අරමුදල් මෙන්ම වෙනත් සම්පත් ඉතිරි වෙනු ඇත. ඒවා ඔවුන්ටම යහපතක් වෙනු ඇත. එසේම ඒවා කරපින්නා ගෙන යාමෙන් සමාජයේ තවත් කොටසකට රිදේනම් එය නවතිනු ඇත. එවිට සමාජයේ සහජීවනය රැකෙනු ඇත. අහෝසි කරන වදන් අතරට ආගම සහ ප්රජාතන්ත්රවාදය ද ඇතුළත් නිසා මිනිසුන් තමන්ම ආගම හා පාලනය කරගනු ඇති. අද වත්මන් සමාජය සාධාරණය සොයන්නේ එලෙසින්ද යන්න සාධාරණව සෙවීමේ අභියෝගය නව පරම්පරාවේ කටයුතු වලින් මතුවෙමින් පවතී. මේ තත්ත්වය අරගලය තුළින් සාධාරණ සමාජයක්,සහජීවනයසොයා යාම ලෙස සිතුවහොත් අවසානයේ දී දෙමාපියන්ට දරුවන්ට මුහුණ දිය නොහැකි අසහනකාරී අර්බුදයකට ඔවුන් පත්වෙනු ඇත. සියල්ල ප්රශ්න කිරීම හා පවතින දෙය වෙනස් ඇසකින් බැලීම යන උපැස් යුවළ නව දෘෂ්ටිය සේ සලකන සමාජය වර්ධනය වෙනු ඇත. එයට සැහැල්ලු සරල ආඛ්යාන සරුව පිත්තල පැහැයෙන් එක් කරන නිර්මාණ බිහිවෙනු ඇත. එම නිර්මාණ මගින් සාධාරණය,ආගම හා පුරුෂාර්ථ දැඩි ලෙස ප්රශ්න කරනු ඇත. වැරදිකාර සිතකට හෝ සංවරයක් ඇවැසි නැති පැවත්මකට එම ප්රස්තූත විටමින් සපිරි එන්නතක් වෙනු ඇත. එදාට ඒ සමාජය එතෙක් පැවති සියලු සංවේදනාවලින් නොමිදෙනු ඇතයි ඔබට සිතිය හැකිද? එසේ වූ සමාජය සමාජ පුරුෂාර්ථ ,සමාජ හා සංස්කෘතික සාරධර්ම මුලිනුපුටා දමනු ඇති. එයට ඔවුන් සිය පෞරුෂය හදා ගන්නේ සිය ජන්මය ගැන නිර්දය ලෙස ප්රශ්න කරමින් දෙමාපියන්ගේ සියලු යුතුකම් නිරුවත් කොට විනාශ කිරීමෙනි. එවන් වූ සමාජයක් ඇතිවීමට නොහැකි සාධක හා බාධක අපිට දැකිය හැකිද? එබැවින් නීතිය යනු බලහත්කාරයෙන් මිනිසා මර්දනය කරන්නක් නොව මිනිසා විසින් යහපත් සාධාරණ සමාජයක් උදෙසා ඇති කරගත්තක් බවට ඔවුන්ට ඒත්තු ගන්වන නෛතික පරිසරයක් හා ක්රියාදාම අපි ඇති කළ යුතු ය. මෙයට වර්තමානයේ අපට කළහැකි උතුම්ම මෙහය නම් මිනිස් සමාජයට බොහෝ කලකට පෙර බුදුන් වහන්සේ පෙන්වා දුන්, "සාර දේ සාර ලෙසත් අසාර දේ අසාර ලෙසත්" දැකිය හැකි කොන්ද පණ ඇති සමාජයක් බිහි කිරීමයි. එසේ වූ විට කිසිදු වදනක් හෝ නීතියක් හෝ පාලනයක් අලුතින් වෙනස් කළයුතු නොවෙනු ඇත. එය එසේ අප නොසිතන්නට ඔබ ඔබම මේ සමාජය ඉදිරියේ අසරණ වෙන දිනය දුර ඈත නොවෙනු ඇත. එය එසේ නොවේ මේ කියන්නේ , මුහුද හත් ගව්වක් තියා පිටපොට ගැසීමක් කියා ඇවැසිනම් යමෙකුට එසේද සිතිය හැකිය. "අසාරෙ සාරමතිනො සාරෙවා 'සාරදස්සිනො තෙ සාරං නා'ධිගවජන්ති මිවජාසංකප්පගොචරා" ! චම්ම්න්ද වෙලගෙදර Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පාර්ලිමේන්තු මහ ලේකම්වරියටත් කතානායක පුප්පලා – ජනපතිට පැමිණිලි