උණුසුම් පුවත්කාලීනසංස්කෘතික

චරථ භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහු ජන සුඛාය

අක්මීමන - නියාගම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයෙන් කෙරුණු ආදර්ශමත් පුණ්‍ය ක්‍රියාවක්

විහාරාධිපති යක්කලමුල්ලේ සිරිරතන හිමිපාණන් ගේ අනුශාසනා පරිදි සියක් නමකට අධික සංඝ රත්නය ඉතා අලංකාරවත් ලෙස පෙරහරෙන් නිවෙස් කරා පාගමනින් වැඩම කළ එම ස්වාමීන් වහන්සේලා අනතුරුව එක් නිවසකට එක් භික්ෂූන් වහන්සේ නමක් බැගින් ගම්වැසියන්ගේ පුදපූජා මැද ගම්මානයේ නිවෙස් සියයකට අධික නිවෙස් වෙත වැඩම වීමත් මුළු ගමම කසාවතින් ආලෝකමත් විය.

මෙහි අරමුණ වූයේ ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාල අතිපූජ්‍ය  හේමාලෝක ස්වාමීන් වහන්සේට පිං අනුමෝදන් කිරීමයි.

කෙදිනකවත් තම නිවසට මහ සඟරුවන වැඩමවා දානමය පුණ්‍යකර්මයක් කළ ගැන්මට හැකියාවක් නොලද බොහෝ දෙනකුට එම පුණ්‍යක්‍රියාව සපුරා ගන්නට ගම්වැසියනට පිරිකර පුදමින් ශ්‍රද්ධා සිත් උපදවා ගැනීමට සැළසුණු අවස්ථාව මහත් මැ ආර්ශයක් සමාජයට පෙන්වීමට හැකි වූ බව සඳහන් කිරීම වටී.

මෙතෙක් කලකට අසන්නට දකින්නට නොහැකි වූ මේ අගනා පුණ්‍යක්‍රියාව නියාගම සිරිසුමනාරාම  විහාරාධිකාරී පණ්ඩිත, හිනිදුම හේමරතන සහ අක්මීමන සතිමන්ත හිමිවරුන් ගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරුණි.
- කුමාර කොඩිතුවක්කු -