උණුසුම් පුවත්කාලීනවිනෝදාස්වාදසාහිත්‍යය හා කලාව ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වේ. 2026-09-020 පියාණන් ගේ මියුරු හඬින් ම ගී ගැයූ ඔහු මිය යන විට 64 වියේ පසු විය දසක හතරකට ආසන්න කාලයක් පුරා ලාංකේය සංගීත සහ රංගන ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රවීණ කලාකරු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ දිවි ගමන කිමා කළේ ය. මියයන විට ඔහුගේ වයස 64 කි. ප්‍රියංකර ගේ පියාණන්ස මිල්ටන් පෙරේරා නම් අග්‍රගන්‍ය ගායකයාණන් ය. ඔහු ගේ මව කල්‍යාණි පෙරේරා මහත්මිය යි. මිලටන් ගේ කල්‍යණියගේ වැඩිමහල් පුුතා ප්‍රියංකර පෙරේරා මහතා යි,හේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකි. මිල්ටන් පෙරේරා සංගීතවේදියාණන් ගේ ජනප්‍රිය ගීතයක් වූ 'සිහින දෙව්දුවේ' ගීතය ඔහුගේ අභාවයෙන්ර පසු ඒ හඬ මෙන් ම රසිකයනට දායාද කරමින් ප්‍රියංකර ගායන ක්ෂේත්‍රයට පා නැඟී ය. 'රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ', 'පිස්සු විකාරේ', 'අගාධ සාගරයේ', 'සමාන වී ඉපදී දිවි තලාවේ' සහ 'පෙර ආත්මයක එක රාත්‍රියක' වැනි මිල්ටන් ගේ ගී ගයමින් ඔහු රසිකයින් අතර ජනප්‍රිය විය. ඔහු ඔහුගේ ම ගී ද ගායනා කරමින් ගීතලෝලීන්ද ගේ හදවත්ත් ඇඳ බැඳ ගත්තේ ය. ගායනයට පමණක් නොව රංගනයට ද සිය දක්ෂතා විහිදුවාලූ ප්‍රියංකර පෙරේරා මහතා, මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත රැසකට පණ පෙවීය. 'සුජාතා' (නව නිෂ්පාදනය) වැනි චිත්‍රපටවල මෙන්ම ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක ඔහු රංගනයෙන් දායක විය. ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයාණන් වූ ප්‍රියංකර පෙරේරා මහතා දිගු කලක් තිස්සේ රෝගීව සිටියේ ය. ඔවුන්ගේ එකම පුත්‍රයා දුමින්ද පෙරේරා වේ. ගායන ශිල්පී චලක චමුපති මහතා ඔහුගේ සහෝදරයාය. ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය අද (02) කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත. ඔහුගේ අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article චරථ භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහු ජන සුඛාය