උණුසුම් පුවත්කාලීනදේශපාලන

ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකර වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පළාත් සභා හා මැතිවරණ ක්‍රමය සම්බන්ධ කාරක සභාවේ කාලය දීර්ඝ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් මේ කාරක සභාව දමා ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්විම වැළැක්වීමට බවත් මේ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීම යනු ජනතාවට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති අවස්ථාව අහිමි කිරිම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ මේ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීම නොව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම බවත් රජය ජනතාවට බය නැත්නම් මේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් පරණ ක්‍රමය යටතේ හෝ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය..
එසේම පළාත් සභා මැතිවරණය කල් දැමීමට මේ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීම මූලික අයිතිවාසිකම් අහිමි කිරිමක්, රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරිමක් නිසා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව වහාම නතර කරන ලෙසත් විපක්ෂය මෙයට විරුද්ධ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.