උණුසුම් පුවත්

ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහද්දි මගේ කටවහන්න එපා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ලේකම් කාර්යාලයේ නිලධාරීන් වගකීමෙන් හා අපක්ෂපාතිව කටයුතු කළ යුතු බවත් ඒ විශ්වාසය දැන් නොමැති නිසා පාර්ලිමේන්තුවෙන් පිටත සිටියත් සූම් තාක්ෂණය හරහා හෝ සම්බන්ධ වන බවත් එසේ නොමැති නම් බිස්නම් කමිටි එක පාර්ලිමේන්තු සැසිවාරය පවතින දින පවත්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

මේ වසර ආරම්භයේ සිට හිතාමතාම විපක්ෂයට ප්‍රශ්න 2ක් අසන්න ලබා දී ඇත්තේ එක සතියක බවත් තමාට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය ඇති බවත් තමා ප්‍රශ්න අහන්නේ තමන්ට පුද්ගලික වරප්‍රසාද ලැබෙන ප්‍රශ්න නොව රටේ ජනතාවට බලපාන ප්‍රශ්න බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහද්දි මගේ කටවහන්න එපා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

එසේම මෙරට වතු ආශ්‍රිතව පිරිමි පුද්ගලයන් දවල් 2 වන විට මත්පැන් පානය කර ඇති බවට පවසන බවත් මෙය වතු ආශ්‍රිතව ජීවත්වන දසලක්ෂ ගණනකට අපහාසයක් බවත් මොහු වතුකම්කරුවන්ටත් මියගිය පියාටත් අපහාස කරන බවත් මොහුගේ වැඩ තහනම් කර මොහුට විරුද්ධව විනය පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඔහුට මේ ආකාරයෙන් කතා කරන්න අයිතියක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බදුල්ල ප්‍රදේශයේ නිවසේ විදුලිය කැපූ අවස්ථාවේදී යාබද නිවසකින් අවසරය මත සිය දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා විදුලිය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී විදුලි සැර වැදී බදුල්ලේ පියෙකු මියගිය බවත් එම සිදුවීම පාදක කර ගෙන ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකයා විසින් එක්තරා මාධ්‍ය ආයතනයක පැවැති සාකච්ඡාවකදී දූදරුවන්ට ඉගෙන ගන්න විදුලිය අවශ්‍ය නොමැති බව පවසා ඇති බවත් කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගන්න පුළුවන් යැයි පවසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ළමයින්ට ඉගෙන ගන්න විදුලිය ඕනෑ නෑ කියූ ලංවීම මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ හඬ අවදි කරයි