උණුසුම් පුවත්

ජපන් ජාතික දිනය

ජපන් රජය ශ්රී ලංකාවට දෙන සහායට තුති - විජේදාස රාජපක්ෂ

සීඝ්‍රයෙන් සංවර්ධනය වන ලෝකය තුළ සංවර්ධිත රාජ්‍යක් ලෙස ජපානය ලෝකය තුළ ඉදිරියට යමින් සිටින යුගයක ජපන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහාය පිළිබදව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තුතිය ප්‍රකාශ කළ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ මෙරටට ඉතා අයහපත් ලෙස බලපෑ ආර්ථික අර්බුදය මඟහරවා ගැනීමට ජපන් රජය ලබාදුන්නේ ඉමහත් සහයක් බවයි. ජපානය හා ශ්‍රී ලංකාව ඉතා දීර්ඝ කාලයක සිට ඉතා සමීපව කටයූතු කළ රාජ්‍යන් දෙකක් බවත් ඉදිරියටත් ඒම සම්බන්ධතාවය පෙරටත් වඩා සමීප අයුරින් කටයුතු කිරීම රාජ්‍යන් දෙකටම ඉතාමත් වැදගත් බව ඇමතිවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ පසුගිය දින කොළඹ 07 ජපන් තානාපති නිල නිවසේ පැවති ජපන් ජාතික දින සැමරුම සඳහා එක්වෙමිනි.

ජපන් ජාතික දින සමැරුම් උත්සවය 2024.02.21 දින පස්වරුවේ අති උත්කර්ශවත් අයුරින් කොළඹ 07 පිහිටි ජපන් තානාපති නිල නිවසේදී පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගී විය.

උත්සව සභාව අමතමින් ගරු අමාත්‍යතුමා පවසා සිටියේ ජපන් රජය විසින් මෙරට පෞද්ගලික අංශය තුළ සිදු කර ඇති ආයෝජනයන් සක්‍රීයව ඉදිරියට ගෙනයමින් දෙරට අතර රාජතාන්තික සබදතා තවදුරටත් පුළුල් කර ගත යුතු බවයි.

දරුණු ආර්ථික අර්බුධයකට මුහුණපා සිටි ශ්‍රී ලංකාව ඉතා කෙටි කාලයක් තුළ ඒම තත්වය මගහරවා ගැනීම සඳහා දියත් කල ක්‍රියාමාර්ගයන් ප්‍රශංශනීය බව පෙන්වා දුන් ජපන් තානාපති මිසුකොෂි හිදේකි මහතා වැඩිදුරටත් සඳහන් කළේ සංවර්ධිත ඉලක්ක කරා විශ්වාසයෙන් ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාව වෙත ඉදිරියේදීත් තමන්ට හැකි උපරිම ආකාරයෙන් සහයෝගය ලබාදෙන බවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, ආරක්ෂක අංශ නියෝජනය කරමින් උසස් නිළධාරීන්, උසස් රාජ්‍ය නිළධාරීන් සහ ජපන් තානාපති කාර්යාලය ඇතුළු ජපන් රජය නියෝජනය කරමින් ජපන් ජාතිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාවට ඒක්විය.