ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනපරිසරයසංස්කෘතික ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනී 2026-08-270 ජනපති මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරු බැහැදකී ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් මහනුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පස්වරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගි වීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය. මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත විය. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේගේද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article නිකිණි පුර පසළොස්වක පොහොය අදයි. Next Article නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙළ ගැසෙමු