උණුසුම් පුවත්කාලීනපරිසරයවිශේෂාංගසංස්කෘතික

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි.

පෙරවස් විසීමට නොහැකි වූ සඟරුවන පසුවස් විසීම අරඹන්නේ නිකිණි පුන් පෝ දින ය

මහ සඟරුවන පසුවස් සමාදන් වීම නිකිණි පෝදා සිදු කරන්නේ මේ පුන් පෝදා ය.

වැසි සමයේ පාගමනින් වැඩම කරමින් පිඬුසිඟා වැඩීම අපහසු වීම මෙන් ම ධර්ම ප්‍රචාරයටඅපහසු හෙයින් විහාරාරාමයන් හි රැඳී සිටින්නට බුදුරජාණන්වහන්සේ පනවනු ලැබූහ. ඒ අනුව පෙරවස් සමාදන්වීම ඇසළ මහේ පෝදා ට නියමිත ය. එාහත් පෙරවස් විසීමට නොහැකි වූ සඟරුවන නිකිණි පුර පසළොස්වක පෝදා පටන් වස් විසිය යුතු බව ද බුදුන් වහන්සේ දක්වා ඇත.

සඟරුවන හා ගිහි සැදැහැවතුන් අතර මනා සබඳතාවක් ඇති වන්නා වූ දිනයක් සේ⁣නිකිණි පසළොස්වක් පෝ දිනය සේ හැඳින්විය හැකිය.

ගිහියන්ගේ ඇරයුමින් වස් සමාදන් භික්ෂූන් වහන්සේලා මේ සමය තුළ ආගමික වතාවත් හි යෙදෙමින් විහාරාරාමයන් හි ම නවැඩවසති.

බුද්ධ පරිනිර්වාණයෙන්  තෙමසකට පසු ව ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ ද අද වන් දිනක ය.

ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා වැඩමවා වදාළ පන්සියයක් රහතුන් වහන්සේලා විසින් පවත්වන ලද “පඤ්චසතිකා විනයසංගීති” නමින් සඳහන් ප්‍රථම සංගීතිය නිකිණි අවපෑළවිය දා ආරඹා  සත් මසකින් නිම කරන ලද බව ශාසන ඉතිහාසයේ දැක්වේ.

ඇසළ පුන් පොහෝ දා රජගහ නුවරට වැඩම කළ මහ කසුප් මාහිමියන් ඇතුළු පන්සියයක් දෙනා වහන්සේ ඇසළ මස අව පෑළවිය දා වස් එළඹියහ. ප්‍රථම මාසයෙහි විහාරාරාම පිළිසකර කරවීමෙන් අනතුරුව  නිකිණි මස අවදියවක්දා (සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිවුවන මස දෙවන දා) රජගහ නුවර වේහාර පර්‍වතයෙහි, සප්තපර්ණී ගුහාද්වාරයෙහි දී, සංගීතිය ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී.

ආනන්ද හිමියන් රහත් වීම

ප්‍රථම සංගීතියට ධර්‍මසංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කෙරුණි.  ආනන්ද හිමියෝ ධර්‍ම සංගීතියට පළමු දා රාත්‍රියෙහි බොහෝ වේලාවක් විදසුන් වඩමින් සක්මනින් කාලය ගත කළ ද , අධිගමයන් ලබා ගන්නට සමත් නොවූහ.

වීර්ය සමතාව නො ලැබ ශරීරය ඍතු ගැන්වීම සඳහා අලුයම් වේලෙහි සක්මන් මළුවෙන් බැස පා දොවා විහාරයට වැද මදක් විවේක ගෙන විඩා සන්සිඳුවා සිරුර යහනට එළවූ හ. දෙපා පොළොවෙන් මිදිණි. හිස කොට්ටයට නො පැමිණියේ ය. මේ අතරතුර දී ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූ හ.

 ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරුන් වහන්සේ රහත් බව ලබාගත්තේ අද වන් නිකිණි පුන් පොහෝදා අලුයම කාලයේ දී ය