ආර්ථිකඋණුසුම් පුවත්

ජපන් තානාපති අනුර කුමාර හමුව

මිෂුකොෂි හිඩෙකි (Mizukoshi Hideaki) අනුරත් එක්ක ආර්ථික දේශපාලන අර්බුද සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි  හිඩෙකි (Mizukoshi Hideaki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (19) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro මහතා සහ දෙවැනි ලේකම් Imai Kaori මහත්මියද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වූ අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද අවධානය යොමු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහිදී පැහැදිලි කර දෙනු ලැබූ අතර ඉදිරියටද ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ජපානයේ ඇති සූදානම ජපාන නියෝජිත පිරිස විසින් අවධාරණය කරන ලදී.