ජපානයට බලපෑ ප්‍රබල කම්පනයෙන් දින 5 කට පසුව සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් නිරුපද්‍රිතව මුදාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
විදෙස් මාධ්‍ය පවසන්නේ, දෙමහල් ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටියදී මෙලෙස මුදා ගත් කාන්තාව 90 හැවිරිදි වියේ පසුවන බවයි.
අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා කඩිනමින් රෝහලට ඇතුළත් කර කිරීමට සහන කණ්ඩායම් කටයුතු කර තිබෙනවා.
බලධාරීන් පවසන්නේ , ගොඩනැගිල්ලේ ගෘහ භාණ්ඩවලට කාන්තාවගේ දණහිස් සිරවී තිබූ බැවින් ඇගේ කකුල් තුවාල වී ඇති බවයි.
නමුත් භූ කම්පන විශේෂඥයින් පවසන්නේ මෙය ඉතා දුර්ලභ සිදුවීමක් බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, භූ කම්පනයක් සිදු වී පළමු පැය 72න් පසුව දිවි ගලවා ගැනීමේ අවස්ථාව ඉතා අවම බව මට්ටමක පවතින බවයි.
පසුගිය 01 වැනිදා ජපානයට බලපෑ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 7.6ක් ලෙසයි.
විදෙස් මාධ්‍ය කරන්නේ, ඉන් 120 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, තවත් බොහෝ දෙනෙකුට තුවාල සහ දේපොල හානි ද බහුලව සිදුව ඇති බවයි.