උණුසුම් පුවත්සෞඛ්‍යය

ජපන් රජයෙන් සෛෟඛ්‍ය ප්‍රවාහනයට ඉන්ධන පරිත්‍යාගයක්

ප්රදානය මෙට්රික් ටොන් හතළිස් දාහක්

 

ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුළු  ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය  සඳහන් කරයි.

එම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාරදීම ඊයේ  (19) කොළඹ වරායේ ඩොල්ෆින් ජැටිය පර්යන්තයේ දී සිදු කරනු ලැබුණි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඉහත ප්‍රදානය නිල වශයෙන් ලබාදෙන ලැබී ය

ප්‍රදානයක් ලෙස  ලැබුණ  මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරිමේ  කටයුතු සදහා Fuel Management Information System (FIMS) පද්ධතියක් නිර්මාණය කර ඇති අතර" එම පද්ධතියට ඉන්ධන ලබාගත් වාහන, ලබාගත් ඉන්ධන ප්‍රමාණය සෞඛ්‍ය ආයතන පිළිබද සියලු  තොරතුරු දත්ත ඇතුළත් කරනු ලබයි.

මෙ සියලු  කටයුතු ජපන් රජයේ සෘජු අධීක්ෂණය යටතේ සිදුවීම ද විශේෂත්වයකි.

සුපර් ඩීසල්, පෙට්ට්‍රල් ලබා නොදෙන අතර ඛනිජ තෙල් නිෂ්පාදන අඛණ්ඩව සැපයීම සිදු කරනු ලබන සිපෙට්කෝ (Ceylon Petroleum Corporation – CEYPETCO)   ආයතනයත් සමග එක්ව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු  ක්‍රියාවට නංවනු ලබයි.