උණුසුම් පුවත්

ජයතිලක සිරිමතාණන් ගේ මඟෙහි පිය නඟමු

සියලු පුරවැසියන් දායක කර ගනිමින් සමාජ, සංස්කෘතික, ආගමික සහ අධ්යාපනික වශයෙන් රට තුළ ශක්තිමත් පදනමක් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ දිවංගත ඩී.බී. ජයතිලක මැතිතුමා ගෙන ගිය අන්දමේ වැඩපිළිවෙළක් නැවත රටට අවශ්ය බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය. වර්තමානය දෙස නොව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් එකම ශ්රී ලාංකික ජාතියක් ලෙස සියලුදෙනා එකට එක්ව ඉදිරියට යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය අමතමිනි.