උණුසුම් පුවත්දේශපාලන

චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

chaminda wijesiri

ඉතා සුළු සංඛ්‍යාවක් කිසිම හොරකමක් වංචාවක් නොකරපු උදවිය පාර්ලිමේන්තුවේ ඉන්නවා - චමින්ද විජේසිරි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදී තිබේ.

අද (ජනවාරි 09) පෙරවරු 09.30 ට ආරම්භ වූ 2024 පළමු පාර්ලිමේන්තු රැස්වීම අමතමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

මේ පාර්ලිමේන්තුවේ නීතිය සම්ප්‍රදාය කොතෙක් තිබුණත් ඒ නීතිගරුක සම්ප්‍රදාය නිදි පරිදි ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මං මේ ප්‍රකාශය කරන්න උත්සාහ සැරුවෙ අයවැය කථාවේ අවසන් දවසෙ දෙසැම්බර් 13 වැනිදා. එදා මං ආවා කාලය ඉල්ලුවා හැබැයි ඒ මොහොතෙ මං මේ ප්‍රකාශය කළා නං මම පක්ෂ ද්‍රෝහියෙක් බවට පත් වෙනවා. එනිසා මං කාලය අරගෙන අද දිනය මේ ප්‍රකාශය කරන්න මම ඉල්ලීම කළේ ගරු කථානායක තුමනි. නමවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරලා මම අවුරුදු අටක ආසන්න කාලයක්. මම හිතනවා මගේ දේශපාලනය මට ඡන්ද ලබා දුන්න ජනතාව වෙනුවෙන් උඵරිමය සිද්ධ කළා කියන කාරණය. නමුත් ගරු කථානායක තුමනි, මම අවස්ථා ගණනාවක දි පෞද්ගලිකව මුහුණ දුන්නු කාරණා කීපයක් ඔබ තුමත් දන්නවා. ඔබ තුමා දන්නවා දවල් 11, 12 වෙන කොට මම මේ සභාවේ නෑ, නමුත් උදේ ම එනවා. ප්‍රශ්න අහනවා කතා කරනවා.

මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් පෙර පාසල් යනවා. ඒ පෙර පාසල් දරුවෝ ගේන්නත් පාසලට දාන්නත් මම ඇබ්බැහිවෙලා තියෙනවා. මං දන්නෙ නෑ මට ඒක මගේ දරුවො නිසා යන්නවෙලා තියෙනවා. සමාඩයේ වෙන බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. විශේෂයෙන් ම ජනතා නියෝජිතයෙක් හැටියට. මේ 225 පිළිබඳව ගරු කථානායක තුමනි, මහජනයාට විශාල විදියේ එපාවීමක් අද රටේ ඇතිවෙලා තියෙන්නේ.

මේ පහුගිය දිනෙක මේ දියවන්නාවේ කිඹුලෙක් හිටියා. විශාල ජනතාවක් ඒකරාශිවෙලා හිටියා. මමත් එතැනට ගිහින් එබිකම් කළා. හැබැයි ජනතාව ඒ කිඹුලාට ඇහෙන්නෙ නෑ,, තේරෙන්නෙ නෑ.කිව්වෙ මොකක් ද මේ 225 ම කාපං කියා. හැබැයි මමත් අහගෙන හිටියා. මම 2006 ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේන් පාර්ලිමේන්තුවට ආවා. මම හිතනවා මම වී 8 එකකින් පාර්ලිමේන්තු ආවේ. මට අද වී 8 එකක් නෑ.

මම ජන සමාජයෙන් අහන මේ ප්‍රශ්නෙ දි මගේ දරුවන්ටත් සමහර වෙලාවට ශාප කරනවා ගරු කථානායක තුමනි. ඒ 225 දෙනාගේ දරුවන්ට ශාප වෙන විදියට අද මේ රට පත්වෙලා තියෙනවාඒක ඔබෙයි මගෙයි වැරදි වෙන්නැති. එනිසා මේවා ඉවසගෙන දේශපාලන ලෙස තවත් ඉදිරියට යනව ද නැද්ද කියන දේ පිළිබඳව බරපතලව පෞද්ගලිකව මට දැනිච්ච ප්‍රශ්නය නිසා ගරු කථානායක තුමනි නම වැනි පාර්ලිමේන්්තුවේ හැටියට ඉල්ලා අස්වෙන ලිපිය මං ඔබ තුමාට භාර දෙනවා. පාර්ලිමේන්තු ලේකම්තුමියට මං භාරදීලා තියෙනවා ඒක ගෞරවයෙන් පිළිගන්න කියා මං ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා.

මේ පාර්ලිමේන්තුවේ නීතිය සම්ප්‍රදාය කොතෙක් තිබුණත් ඒ නීතිය සම්ප්‍රදාය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මේ පාර්ලිමේන්තුවේ අද මම මේ කතාකරන විදිය මම කතා කරන කොට ඔය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හැසිරෙන විදිය පටිගත වෙනවා ගරු කථානායක තුමනි, ඒ විතරක් නෙවෙයි ඒ සියලු දේ කෙරුණෙ මොනවද  කියැවුණේ මොනවද රෙකෝඩ් වෙනවා. හැබැයි ඔබ තුමා නීත්‍යානුකූලව අවසරය දී තිබෙන මේ මයික් එකට කතා වුණොත් විතරයි හැන්සාඩ් එකට ලියැවෙන්නේ කියා. හැබැයි එක්තරා අවස්ථාවක ලියැවෙලා තියෙනවා මම මේ මයික් එකට කතා කරපු නැති දේවල්. එතටකාට ඒක බරපතල කාරණයක්.  මේ හැන්සාඩ් එක නීතිය ඉදිරියේ ගෙනියන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවල දි ඒවා සමහර තැන්වල දි වසන් කරපු කාරණා තියෙනවා. මේවා හරි බරපතල කාරණා. අපි මුහුණ දුන්න බරපතල ප්‍රශ්න තියෙනවා. ඉතින් මගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පිළිබඳව විශේෂයෙන් ම ජනතාව ගේ පැත්තෙන් මමත් වැරදිකාරයෙක් මම ඇතුළු 225 දෙනා ගැන හැබැයි මගේ හෘදසාක්ෂියට එකඟව මම දන්නවා මගේ දේශපාලනය නිසා මගේ දරුවන්ට මේ රටේ ජනතාව සාප කරනවාට මම කැමති නෑ.

මේ 225 තුළ ඉන්නවා ඉතා සුළු සංඛ්‍යාවක් කිසිම හොරකමක් වංචාවක් නොකරපු උදවිය. දැන් එයාලත් මං වගේ ඇති. මං වගේ මානසිකත්වයෙන් ඇති හැබැයි මං කරපු ඒ අයට කරන්න බැරුව ඇති. මට හිතුණා මගේ දරුවො ගැන හිතලා මේ රටේ මේ ජනතාව කරන සාපය එක පැත්තකින් මුදව ගන්නත් අනිත් එක විශේෂයෙන් ම මේ පාර්ලිමේන්තුව පිළිබඳව තියෙන විශ්වාසය බිඳෝලා. ජනවරම නෑ. ඒ ජනවරමක් නැති මේ පාර්ලිමේන්තුව තුළ මේ ජනවරමට අවශ්‍ය නිවැරදි වැඩ පිළිවෙල මේ තුළින් ගොඩානැඟීම මේ සමුගැනීඹ තුළින් මම බලාපොරොත්තු වෙනවා.

අලුත් පාර්ලිමේන්තුවක් තියන්න මැතිවරණයක් තියන්න ජනතාව කැමති වෙන රටේ පුරවැසියා කැමති වන ඒ දේශපාලන ජයග්‍රහණයට අවශය වැඩ පිළිවෙලක් ලබා දිය යුතුයි කියන කාරණෙත් මේ මගේ තීන්දුව තුළ තියෙනවා.

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබ තුමා නායකයකු විතරක් නොවේ. පියෙක් හැටියට මට පිහිටවෙලා තියෙනවා. මේ රටේ දේශපාලන වශයෙන් බොහෝ දෙනා බලපෑම් කළා මේ රටේ දරුවන්ගේ පියා හැටියට ක්‍රියා කරන්න බොහොම වික්‍රමාන්විත ක්‍රියා කළා. දරුවන් වඩා ගන්න දරුවන්ට උම්ම දුන්නා හැබැයි දරුවන්ට සැලකුවේ නෑ. නමුත් ඔබ තුමා අද මගේ දරුවන් තුන් දෙනත් එක්ක පියා වෙන්න පුළුවන් කියන එක ඔබ තුමා මේ සමාජයට පෙන්නා දීලා තියෙනවා.

මම මේ තීන්දුව ගන්නෙ සමගි ජන බලවේගය තුළ තියෙන අඩම්තේට්ටම් නිසා ගන්නා එකක් නෙවේ.