උණුසුම් පුවත්කාලීනපරිසරය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නන්දසිරි වැලිගමගේ අඩසියවසක මාධ්‍ය මෙහෙවර අභිනන්දනය

2026 අගෝස්තු 18 සවස 03 ට ගාල්ල කොටුව ගාලු උරුමය රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ.

නන්දසිරි වැලිගමගේ ඇගැයීමේ මේ උළෙලේ දී 

 "ප්‍රාදේශීය වාර්තාකරුවාගේ සමාජ භූමිකාව" මැයෙන් ප්‍රධාන දෙසුම පවත්වන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සුරංජිත් ගුණසේකර මහතා විසිනි.

"නන්දසිරි වැලිගමගේ නම් ගවේෂණශීලී පත්තරකාරයා" මැයින් දේශනය ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය තුෂාරද සිල්වා
මහතා විසින් පවත්වනු ලැබේ..

මීට සමාන්තරව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
හබරාදුව ඒ.එල්.ඒ. ආරියරත්න මහතාගේ අඩ සියවසක මාධ්‍ය මෙහෙවර සමරු උපහාර තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරේ.

මාධ්‍යවේදී සමන්සී ලියනගේ මහතා සභාවේ මුලසුන හොබවන අතර ප්‍රධාන ආරාධිතයින් ලෙස
පූජ්‍ය කනුමුල්දෙනියේ
චන්දවිමල හිමි,
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ
ගරු සභාපති කිවිවර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ,
ගාලු උරුමය ආයතනයේ ගරු සභාපති මහාචාර්ය
දේව මයිකල් සිල්වා,
රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
සුරංජිත් ගුණසේකර,
සාහිත්‍යවේදී
සුගතපාල මෙන්ඩිස්,
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
ඒ.එල්.ඒ. ආරියරත්න
වෛද්‍ය නිහාල් රංජන්
යන මහත්වරු
සහභාගි වීමට නියමිතය.

ඔබ සැමට ආරාධනා

සංහිඳ පර්ෂදය
ගාල්ල.
2026 ජූලී 01 දින.