ඇමති අස්වෙන්නේ නැත්නම් අස්කරන්න
අධිකරණ හා ජාතික ඒකාබද්ධඅමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් අත්සන් කරන ලද විශ්වාස භංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බාර දෙන ලදි.
ඉකුත් 5 වැනිදා හා 6 වැනිදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේ දී අධිකරණ ඇමතිවරයා සිය වගකීම් පැහැර ඇති බවට මෙම විශ්වාස භංග යෝජනාවෙන් විපක්ෂයෙන් නැගෙන චෝදනාවයි.
අධිකරණ ඇමතිවරයා එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඉල්ලා අස් නොවන්නේ නම් ජනාධිපතිවරයා ඔහු තනතුරෙන් ඉවත් කළ යුතු බවත් එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත..
මෙම විශ්වාස භංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් පෙරේදා අත්සන් තබා තිබුණි.
විපක්ෂය මීට පෙර හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ද විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළා. හිටපු කතානායක අශෝක රන්වල මහතාට එරෙහිව ද විපක්ෂය විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වූ නමුත් ඔහු ඊට පෙර කතානායක ධූරයෙන් ඉල්ලා අස්විය.

