උණුසුම් පුවත්කාලීනදේශපාලන

ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් 21ක්

මහරගම හා නුවරඑළිය මැයි රැලි ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් 21 ක් දිවයින පුරා ප්‍රධාන නගර 21 දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එම මැයිදින සැමරුම් සඳහා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් සහභාගිවීමට නියමිතය.

ජනාධිපති අනුර දිසානායක සහෝදරයා මැයි 01 වෙනිදා පෙරවරුවේ නුවරඑළිය සහ එදින පසුවරුවේ මහරගමදී පැවැත්වෙන මැයිදින සැමරුම් සඳහා එක්වීමට නියමිතය. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරියගේ සහභාගිත්වයෙන් රත්නපුරයේදී මැයි දින සැමරුම සිදු කෙරේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා කළුතර, මාතර සහ තංගල්ල පැවැත්වෙන මැයි දින සැමරුම් සඳහා සහභාගි වේ. බිමල් රත්නායක සහෝදරයාගේ සහභාගිත්වයෙන් වව්නියාව සහ යාපනය මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව විජිත් හේරත්, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, අනුර කරුණාතිලක, හර්ෂණ නානායක්කාර ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් අනෙකුත් මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.