පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
ඒ මහතා විසින් මීට පෙර දරන ලද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
පරිසර ඇමතිවරයා සේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ධූරයෙන් ඉවත්වීමෙන් පසු එම අමාත්‍යාංශය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගනු ලැබිණි.
දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේ ය.