ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරයසංස්කෘතික ඥාණසාර හිමිපාණන්ගේ ගැටලුව විසඳන්න මාසයක් කල් ඕනෑ ලු – ජනපති ලේකම් 2026-10-150 මහ සඟරුවන ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරියේ වාඩි ලා ගනිති.. ඥාණසාර හිමි නිදහස් කරන තුරු රැඳී සිටිනවා බන්ධනාගාරයේසිර දඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ඉදිකරමින් සත්යග්රහයක නිරත වීමට ‘නිදහසේ පාද යාත්රාව’ සමඟ වැඩමවා වදාළ මහා සංඝරත්නය පියවර ගන්නා ලදහ. පුරා දින හයක් පාගමනින් මහනුවර දළඳා මාළිගා පරිශ්රයේ සිට කොළඹ ජනාධිපති කාර්යාලය දක්වා වැඩමවා වදාළ භික්ෂූන් වහන්සේ ප්රමුඛ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අභියසට ළගඟා වෙත්ම එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හට ගත්තේ ය. පූජ්ය උලපනේ සුමංගල හිමියන් ආණ්ඩුවට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් වදාළේ, සාකච්ඡා හෝ මඟහැරීම්වලින් හෝ මෙතෙක් රටට කිසිදු යහපත් ප්රතිඵලයක් අත්නොවූ බවයි. "අපි මෙතැන රැඳී සිටිනවා. මැරුවත් අපි මෙතැනින් නැගිටින්නේ නෑ. මේ මොහොතේ සිට සටන ආරම්භ කරනවා. මේ වෙනුවෙන් ජීවිත පූජා කරන්න වුණත් අපි සූදානම්," යැයි උන්වහන්සේ දැඩි ස්ථාවරයක පිහිටා දැඩි ස්වරයෙන් සඳහන් කළහ. මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය හා ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ මාර්ග බාධක යෙදීමට පොලිසිය ගත් අයුරු දැකගත හැකි විය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටින මහා සංඝරත්නය විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබීණි. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පැවති පසුබිමක අදාළ ස්ථානයට පැමිණි ජනාධිපති ලේකම්වරයා විසින් උක්ත සංදේශය, විරෝධතාවයේ නියැළී මහා සංඝරත්නය හමුවී එම භාරගත්තේය. අදාළ සංදේශය භාරගැනීමෙන් අනතුරුව, එහි අන්තර්ගත කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සමඟ කඩිනමින් සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් නැවත දැනුම්දීමට පැමිණෙන බව ප්රකාශ කරමින් ජනාධිපති ලේකම්වරයා එම ස්ථානයෙන් පිටව ගිය බව වාර්තා වේ. අනතුරුව ජනාධිපති ලේකම්වරයා දන්වා එවා තිබුණේ ගැටලුවට ප්රතිචාර දැක්වීමට මාසයක කාලයක් ගත වන බවයි. ඒ අනුව භික්ෂූන් වහන්සේලා ජනාධිපති කාර්යාලය ඉදිරියේ එම මාසයක කාලය රැදී සිටින බව පළ කළහ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article Previous Post