උණුසුම් පුවත්විදෙස්

ඩමස්කස් වෙත ඊශ්‍රායල ප්‍රහාරයක්

ඉරාන විප්ලවීය ආරක්ෂක භටයන් හතර දෙනෙකු මරුට

සිරියාවේ ඩමස්කස් අගනුවරට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ . මින් සිරියානු හමුදාවේ තොරතුරු ඒකකයේ ප්‍රධානියා ඇතුළු ඉරාන විප්ලවවාදී ආරක්ෂක භටයින් හතර දෙනෙකු මිය ගිය බව සිරියානු සන්ධානයේ ආරක්ෂක මූලාශ්‍රයක් පවසයි.

සිරියාවේ ඉරානය හා සම්බන්ධ ඉලක්ක වෙත බෝම්බ හෙළීම් ඊශ්‍රායලය දිගු කලක් තිස්සේ දියත් කර තිබේ.

එහෙත් ඉරානයේ සහාය  ලබන පලස්තීන ඉස්ලාමීය හමාස් සංවිධානයේ සටන්කාමීන් විසින් ගාසා තීරයේ සිට ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව එය මාරාන්තික ප්‍රහාර එල්ල කරන බවයි සඳහන් වේ

ඩමස්කස් හි ගොඩනැගිල්ලක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉලක්ක කර ඇති බව සිරියානු රාජ්‍ය මාධ්‍ය පවසයි. ප්‍රාදේශීය මාධ්‍ය දක්වන්නේ සිරියාවේ අගනුවර හරහා පිපිරීම් ඇසුණු බව ය.