ඩෙංගු මාරයාගෙන් පරෙස්සම් වෙමු

ඩෙංගු රෝගය මැඩලීම සඳහා මෙහෙයුම් එකකයක් ඇරඹී කෙරෙහි වන විශේෂ හමුවක් හෙට (04) වැනිදා පැවැත් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වනු ඇත.සෞඛ්‍ය ලෝකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙන මේ සාකච්ඡාවට තත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා වැඩ බලන පොලිස්පතිවරයා මේ විශේෂ හමුවට සහභාගි වේ.
දීප ව්‍යාප්තව පවතින ඩෙංගු රෝගය මර්ධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩ සටහන් හා ඒවා ප්‍රගතිය මෙන් ම ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග වාර්තා කිරීමට ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට මේ ඒකකය පියවර ගනී.
මේ මෙහෙයුම් ඒකකය ඇරඹීම පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර හා මධ්‍යම පළාත් දෙකෙහි ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ය.
යාපනය, ත්‍රීකුණාමලය හා මඩකළපුව දිස්ත්‍රික්ක තුනෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක ඒවායේ ඩෙංගු පැතිරීම වර්ධනය වී ඇති බව ද මෙහි දී අනාවරණය විය.
සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, නාවුක හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හා වැඩ බලන පොලිස් පති දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරුන් ප්‍රමුඛ කොළඹ මහ නගර සභාවේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ද මේ ප්‍රගති සමාලෝචනයට ඒක්ව සිටින ලදි.