උණුසුම් පුවත්කාලීනතාක්ෂණයනව නිපැයුම්විශේෂාංගසාහිත්‍යය හා කලාව තීරු ලිපි 50 කින් පොතක් ලියන සරත් 2026-08-280 අප නොකී අපේ කතා අප නොකී අපේ කතා © සරත් ආනන්ද ගමගේ කතෘ ප්‍රකාශනයකි. කතාංග 50 මිල රැපියල් 750. 00 මුද්‍රණය අකුරුගොඩ ප්‍රින්ටර්ස් ඇල්පිටිය ලංකාදීප දිනපතා පුවත්පතට කතුවරයා විසින් ලියන ලද තීරු ලිපි මාලාවකින් තෝරාගත් නිර්මාණ පනහකි. සම්මානනීය ගත්කරු, පරිවර්තක චූලානන්ද සමරනායක විසින් ලියන ලද අගනා පෙරවදනකින් යුක්ත ය. නොදී චාන්ස් - වැදී ඩාන්ස්, ටිකට් නැතිව බලලා - බණ්ඩ් එක උඩ නටලා, තේමා ගීතේ - වෙලා වාතේ, සදාචාර සද්දේ - තෑග්ගටයිවිද්දේ, මංගල ගමනට - මේකප් හුට පට, තෑග්ග බර වැඩි වී - ගියාලු රෙදි ගැලවී, බීලා නාලා - හිටියලු වැටිලා, දුන් ලණු ගිලලා - සිවිලිම හැලිලා, කැත වැඩ - නැත ඉඩ, ලෙඩා දැකපි - ඩොකා දුවපි, රිංගා ලැගුමට - කාලා නියමෙට, වෙන්න තිරිහන් - ලාටු අලවන්, මෙන්න ඉමිහිරි - සුපිරි මි කිරි, මල් වැලේ - පෙති හැළේ, ගමක් මුලා - කරපු හොරා මසුරු කමට - මුද්ද ලිපට, අනියම් පෙමකට රතිඤ්ඤා පට පට, බෝතල් - ආතල්, ගස තොට - කැන මට, තාත්තා බබා වෙලා, තණ්හාව ඉස්සේ - තුට්ටු දෙකට ගැස්සේ, ඔත්තුකරුට - පත්තු වෙලා ගෑනු ඇඳුම් හොරා - කාලා බඩ පුරා, පොලිසිය අන්දා - පැන්නලු උන්දා, පැන්නත් හැට - පැටලෙයි හොට, පන්නමු කූඹී - ඉමු අපි කා බී හා තවත් කතාංග වලින් යුත් මේ ග්‍රන්ථය පිළිබඳ චූලානන්ද සමරනායකයාණන් විසින් ලියන ලද පෙරවදනෙහි මෙසේ දැක් වේ. සරත් මේ පොතට ගොනු කරන්නේ තමන් විසින් ලියන ලද තීරු ලිපි විශේෂයකි. දිනපතා පුවත්පතක් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරනුයේ පුවත් සම්පාදනයටය. දිනපතා පුවත්පතක සිරස් තලයේ සිට පාඨක ආකර්ෂණීය දිනා ගනුයේ එහි පළ කරනු ලබන පුවත් එකතුවයි. එහෙත් පුවත්පතක් හුදෙක් ප්‍රවෘත්තිවලින් පමණක් පවත්වා ගෙන යා නොහැකි ය.එහෙයින්ඒ සඳහා නොයෙක් අඩුවැඩිය එකත් කරන්නට කළමණාකාරිත්වය සහ සංස්කාරක වග බලා ගනී. තීරු ලිපියට ඉඩ ලැබෙනුයේ මේ අයුරිනි. පුවත්පතක තීරු ලිපිය ද විවිධාකාර වෙයි. එය ඍජුව ම දේශපාලන ලියවිල්ලක් වෙද්දී වරෙක එය පොදු වින්දනය අපේක්ෂා කරන සැහැල්ලු රචනයක් බවට හැරෙයි. එසෙ ම මෙහි දී භාවිතා කරනු ලබන රචනා ශෛලීන් ද විවිධ ය. අයෙක් ඒ සඳහා උපහාසාත්මක බසක් වෙත යොමු වෙද්දී අයෙක් සංවේදී බස් වහරක් වෙත වඩා නැඹුරු වෙයි. තීරු ලිපි කලාවෙහි අපට සිටි දැවැන්තයකු වන දයාසේන ගුණසිංහගේ තීරු ලිපියක් යනු දැනුම් සයුරක් අප වෙත ගෙන එන තියුණු උපහාසය ද කැටිවුණු ලියවිල්ලකි. සරත් සිය තීරු ලිපියට විෂය කරගනුයේ මානව ජීවිතයේ දෛනික සිදවීම් ය.ඒ සිදුවීම් ඇසුරු කරගෙන රචිත ලිපි පළවෙනුයේ "දෙයියෝ සාක්කි" යන මාතෘකාව යටතේ ය. මේ යෙදුම එකවරම විමතිය සහ හාස්‍යය දනවන්නකි. තීරු ලිපිය කියවන්නට සැරසෙන්නා තුළ තමන් මේ කියවන්නට යන්නේ කවරාකාර ලිවිල්ලක් දැ යි යන අවබෝධයඇති කරීමට මේ යෙදුම උපස්තම්භක වෙයි. සරත් සිය ලිපි හරහා මානවයාගේ දිවිසැරිය තුළ ඔහු මුහුණ දෙන විවිධ අවස්ථා හාස්‍ය මුසු කර ඉදිරිපත් කරයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article බද්දේගම සරත් ආනන්දගේ පොත දොරට වැඩුම හෙට(29)