ආරක්ෂකඉතිහාසයඋණුසුම් පුවත්කාලීනපරිසරයසෞඛ්‍යය

දකුණු ආසියාවේ දිවි ගෙවන වෘද්ධතමයින් වැඩිම රට සිරි ලංකාව

ලෝක බැංකුවේ අලුත්ම වාර්තාවකින් කියයි.

දකුනු ආසියාවේ වයස්ගත  ම ජනගහනය සහිත රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

තවත් වසර හතරකින් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් හැත්තෑ දෙනකුගෙන් එක් අයකු අවුරුදු හැටපහ හෝ ඊට වැඩි වයසේ පුද්ගලයින් වනු ඇතැයි ද ලෝක බැංකුව සඳහන් කරයි.
ජනගහනය වයස්ගත වීමත් සමඟ ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සේවා සහ වැඩිහිටි රැකවරණය සදහා වැයවන මුදල ඉදිරියේ දී විශාල ලෙස ඉහළ යනු ඇති බව ද ලෝක බැංකුව පසුගිය 3 වනදා නිකුත් කල වාර්තාවේ සඳහන් ය.
වැඩ කළ හැකි වයසේ ජනගහනය අඩුවීම රටේ ආර්ථික වර්ධනයට අභියෝගයක් බවත්, එම තත්වයට මුහුණ දීම සඳහා ශ්‍රමඵලදායිතාව ඉහළ නැංවීම අත්‍යාවශ්‍ය බවත් ලෝක බැංකුව තව දුරටත් පෙන්වා දෙයි.