ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

කුමාර ජයකොඩිගේ හා සුනිල් වටගලගේ වත්කම් ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි

සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකුගේ පැමිණිල්ලක් අනුවයි විමර්ශන

ජාතික ජන බලවේග ආණ්ඩුවේ හිටපු බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන්ගේ වත්කම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ..

කොමිසම මෙම විමර්ශන අරඹා තිබෙන්නේ මොවුන් දෙදෙනා මීට පෙර අවස්ථාවල දුන් වත්කම් බැරකම් ප්‍රකාශන හා පසුව ඉදිරිපත් කළ ප්‍රකාශනසැසැඳීමේ දී යම් යම් වෙනස්කම් නිරීක්ෂණය වීම හේතුවෙන් බව එහි ආරංචි මාර්ග පවසයි.
කුමාර ජයකොඩි සහ සුනිල් වටගල යන මහත්වරුන් අලුතින් ඉදිරිපත් කොට ඇති අතිරේක වත්කම්වල නීත්‍යානුකූල මූලාශ්‍ර හා ඒවා උපයාගත් ආකාරය තහවුරු කර ගැනීම සඳහා මෙම විමර්ශන අරඹා ඇත..
කොමිෂන් සභාව මෙම පරීක්ෂණ ආරම්භ කොට ඇත්තේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයකු වන දේමුණි  කමන්ත තුෂාර ද සිල්වා  මහතා විසින් ගොනුකොට ඇති ලිඛිත පැමිණිල්ලකට අනුව යි.
මේ අතර හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාව ද නොතීසි නිකුත් කොට තිබු අතර පසුගියදා ඔහු එම කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කොට තිබුණි..