සෞඛ්‍යය

දරුවන් බේරගන්න අතිරේක සරම්ප එන්නතක් හෙට සිට

වතින අවදානම සළකා දරුවන්ට අතිරේක සරම්ප එන්නතක් ලබා දීම හෙට දිනයේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ දිස්ත්‍රික්ක 9කදී මෙම එන්නත් ලබා දීම සිදු වන බවයි.

ඒ අනුව හෙට දිනයේ සායන 1,600කදී මෙම එන්නත් ලබා දීම සිදු වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව මෙම වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 700ක් වාර්තා වී තිබෙනවා.