උණුසුම් පුවත්

දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට කාන්තාවකට කිසිදු කරදරයකින් තොරව යන්න හැකිවුණා අතීතයේ… ඒත් අද???

මහනුවර කාන්තා සමුළුවේ දී සජිත් කාන්තාවන් හමුවේ කියයි

අතීතයේ කාන්තාවන්ට දෙවිනුවර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිසිදු කරදරයකින් තොරව ගමන් කළ හැකි වුවත් අද එවැනි තත්ත්වයක් රට තුළ නොමැති බවත් කුඩා දරු දැරියන්ට එරෙහි අපරාධ අතින් ලංකාව දෙවැනි තැනට ඇවිත් ඇති බවත් 2023 පමණක් එවැනි අපරාධ 9400 ක් වාර්තා වී ඇති බවත් ඉන් 1502ක් ලිංගික අපචාර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ කාන්තාවන්ගෙන් අඩකඩ වැඩි ප්‍රමාණයක් ගෘහස්ත හිංසනයට ලක්ව ඇති බවත් අප රටේ කාන්තාවන්ට ඇත්තේ සෝචනීය ඛේදනීය තැනක් නිසා මෙය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිසි ආරක්ෂාව, සුදුසු පරිසරය සහ රැකවරණය නොමැති නිසා ශ්‍රම බලකායෙන් අප රටේ කාන්තාවන් සිටින්නේ 34%ක් බවත් කාන්තාවන්ට නිවසේදී ප්‍රවාහනයයේදී වැඩබිමේදී අතිමහත් බහුතරයක් පීඩනයක…

සමගි ජන බල වේගය කාන්තාවන් දේශපාලන ඉත්තන් කර නොගන්නා බවත් බංකොලොත් රටේ රජයටවත් කරන්න බැරි දේවල් රැසක් සමගි ජන බලවේගය ලබා දෙන බවත් සක්වල හා හුස්ම වැඩසටහන් එයට උදාහරණ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර පැවැති සමගි වනිතා සමුළුව අමතමිනි.

දේශපාලන මතයෙන් තොර කාන්තා ගිවිසුමක්

මෙවරත් සමගි ජන බලවේගය කාන්තා ගිවිසුමක් සකස් කරන බවත් එය දේශපාලනඥයන් ගේ මතවාදවලින් නොව බිම්මට්ටමේ ජනතාවගේ අදහස්වලින් සුපෝෂිත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආධාර පරිත්‍යාග ගෙදර කාන්තාවට පමණයි

ගෙදර සිටින මව දුදරුවන් ඉතිරි කිරීම ගැන සිතන බවත් ඇයි සිගරට් එක වයින් ස්ටෝර්ස් එක ගැන සිතන්නේ නැති නිසා ඇයව සවිබල ගැන්විය සිදුවිය යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ සියලුු ආධාර ලබා දෙන්නේ කාන්තාවන්ට බවත් ඒ තුළින් ඇය සවිබල ගැන්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,  මන්ත්‍රීනි රෝහිණී කවිරත්න කවිරත්න,  ලිහිණි කිරිඇල්ල,මහ්තමිහු පුමුඛ තවත් කිහිප දෙනෙක් කාන්තාවන් ඇමතූහ.