උණුසුම් පුවත්කාලීනසංස්කෘතික

දෙවුන්දර මහ පෙරහැරේ කාවාඩි නැටීමේ තහංදිය අහවර යි

කුප්‍රකට පාතාලයේ රජවරුන් දෙපිරිසක් අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්වයක් නිසා එම නර්තන අංංග නතර කරන්නට කලින් තීරණය කර තිබුණි

දෙවිනුවර ඓතිහාසික උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ මහා පෙරහැරෙහි කාවාඩි නර්තනයට අවස්ථාව ලබා දෙන්නට මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා අද අවසර දුන්නේ ය. එකී අවසරය පරිදි හෙට (28) පැවැත්වෙන අවසන් මහා පෙරහැරේ නර්තනයට  කාවාඩි කණ්ඩායමක් 45 කට ඉඩහසර ලැබී ඇත.  .

කුප්‍රකට පාතාලයේ රජවරුන් දෙපිරිසක් අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්වයක් නිසා විෂ්ණු මහා දේවාලයේ ඇසළ මහා පෙරහැරෙහි නර්තනයේ යෙදෙන කාවාඩි කණ්ඩායම් වලට ඒ සඳහා අවස්ථාව නොදී එම අංග ඉවත් කරන්නට පොලිස්පතිවරයා ගේ නිර්දේශය මත මාතර මහ දිසාපතිවරයා විසින් ඒ බව එහි නිලමේවරයාට දැනුම් දී තිබිණි.

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුකාරී තත්ත්වය සමනය කරමින්, පසුගිය වසරේ සහභාගී වූ කාවඩි කණ්ඩායම් 45 ට ම මෙවරත් පෙරහැරට එක්වීමට අවසර ලබා දීමට තීරණය කර තිබේ.

අද (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, පෙරහැරේ සම්ප්‍රදායික අංගයන් සුරැකීමේ අරමුණින් සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන්, දැඩි විනයකට යටත් කොට කාවාඩි නැටීමට මේ සාකච්ඡාවේදී තීරණය වී ඇත.