උණුසුම් පුවත්කාලීනදේශපාලන

විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමට කැබිනට් අනුමැතිය!

පසුගිය කාලය තුළ නීති ක්ෂේත්‍රය ප්‍රමුඛ විවිධ පාර්ශ්ව විසින් දැක්වූ දැඩි සේ විරෝධතා ආණ්ඩුව නොතකා හරී

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන්ද  (27) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව හෙළදිව ජගත් ගේ සතියේ සටහනින් කළ විමසුමක දී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයි සඳහන් කර තිබුණේ ඇය මේ ගැන කිසිවක් නොදන්නා බව කි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය ප්‍රමුඛ විවිධ පාර්ශ්ව විසින් විවිධ අදහස් සහ විවේචන එල්ල විය.