ආරක්ෂකආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරය හදිසි ආපදා සහ අසාමාන්‍ය ස්වභාවික තත්ත්වයන්ට මුහුණ දීමටත්, ආපදා අවම කර ගැනීමටත් පූර්ව සූදානමක් තිබිය යුතුයි 2026-11-100 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දේශගුණික විපර්යාස හමුවේ ඇතිවන හදිසි ආපදා සහ අසාමාන්‍ය ස්වභාවික තත්ත්වයන්ට මුහුණදීමට මෙන්ම, ඒවායින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ද සූදානම්ව වී සිටිය යුතු බවත්, ආපදා කළමනාකරණයට එක් අංශයකට පමණක් සීමා නොවුණු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඒකාබද්ධ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බවත්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නොවැම්බර් 10 වනදින නාරාහේන්පිට නිල මැදුරේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පවැසීය. අගමැතිනියගේ සහභාගීත්වයෙන් සහ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකචඡාවේදී, පසුගිය නොවැම්බර් 06 වැනි දා අධික වර්ෂාව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවූ හදිසි ජල ගැලීම් සහ ආපදා තත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු විය. මෙහිදී අග්‍රාමාත්‍යතුමිය වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස හමුවේ මෙවැනි හදිසි ආපදා සහ අසාමාන්‍ය ස්වභාවික තත්ත්වයන්ට මුහුණදීමට මෙන්ම, ඒවායින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ද සූදානමින් සිටිය යුතු බව පෙන්වා දුන් අතර, ආපදා කළමනාකරණය එක් අංශයකට පමණක් සීමා නොවී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළාය. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය සහ කොළඹ නගරය සුවිශේෂී භූගෝලීය හා නාගරික ලක්ෂණ සහිත ප්‍රදේශයක් වන බවත්, වත්මනේ මුහුණදීමට සිදුව ඇති ගංවතුර හා ජල ගැලීම් තත්ත්වයන් දිගු කාලයක් තිස්සේ නිසි විසඳුම් නොලැබුණු ගැටලු රැසක ප්‍රතිඵලයක් බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, කසළ කළමනාකරණයේ සිට අපද්‍රව්‍ය බැහැර කිරීම, ජල මාර්ග නිසිලෙස පවත්වාගෙන යාම සහ පහත් බිම් සංරක්ෂණය කිරීම දක්වා වන පුළුල් වැඩපිළිවෙළක් යටතේ මෙම ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව සඳහන් කළාය. මෙහිදී, මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර සහ වැසි ජලය පාලනය කිරීම සඳහා ආරම්භ කර ඇති ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ විස්තර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතියට සමඟාමීව කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර පාලනය වෙනුවෙන්, රුපියල් මිලියන 15 000 ට වැඩි මුදලක් වෙන් කොට මේ වනවිටත් ආරම්භ කොට ඇති ඇති ව්‍යාපෘතිය, කඩුවෙල සියලුම ජල මාර්ග පවිත්‍ර කොට සංවර්ධනය කිරීම සඳහා මිලියන 450 ක වියදමින් ආරම්භ කොට ඇති ව්‍යාපෘතිය, කොළොන්නාවේ ප්‍රධාන ඇළ මාර්ග 4 ක් පිරිසිඳු කොට සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කොට ඇති ව්‍යාපෘතිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගඟේ ඉවුරු සංවර්ධනය කිරීම සදහා ආරම්භ කර ඇති ව්‍යාපෘතිය ඇතුළු දිස්ත්‍රික් ලේකම්වරයා විසින් විස්තර ඉදිරිපත් කළ ව්‍යාපෘති පිළිබඳව මෙහී දී අග්‍රාමාත්‍යතුමියගේ විශේෂ අවධානය යොමු විය. මෙම ව්‍යාපෘතිවලට අමතරව අනාගතයේදී නැවතත් මෙවැනි ආපදා තත්ත්වයන් ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා විය. එහිදී වසර ගණනාවක් තිස්සේ නිසි තීන්දු තීරණ නොගෙනීම හේතුවෙන් උග්‍ර වී ඇති ගැටලු සඳහා තවදුරටත් ප්‍රමාද නොවී අවශ්‍ය නිවැරදි තීරණ ගනිමින් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළා ය. එමෙන්ම ඇළවේලි සහ ජල මාර්ග පිරිසිදු කිරීම ආපදා තත්ත්වයක් ඇති වූ විට පමණක් සිදුකරන කාර්යයක් නොව, අඛණ්ඩව සිදුකරන, නිරන්තර නඩත්තුවක් සහිතව පවත්වාගෙන යා යුතු ක්‍රියාවලියක් බව ද අග්‍රාමාත්‍යතුමිය විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්ය තුළ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය, දිස්ත්‍රික්කය තුළ සිදුවන ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රජා ශක්ති වැඩසහන පිළිබඳවද අග්‍රාමාත්‍යතුමියගේ විශේෂ අවධානය යොමුවිය. මෙම සම්බන්ධීකරණ කමිටුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුළු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන සභාපතිවරුන් ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර ඇතුළු කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සම්බන්ධ වූහ Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ඩී. ඒ. රාජපක්ෂ සමරුව හා Next Article මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කරන තැනට රජය පත් වෙලා