තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා යි.
දේශබන්දු තෙන්නකෝන් මහතා නව පොලිස්පතිවරයා සේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත් කර ඇත. තෙන්නකෝන් මහතා හිටපු පොලිස්පත් වික්‍රමරත්න මහතා ගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලැබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නිර්දේශය මත වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය ලබාදීමෙන් අනතුරුව මෙකී තනතුරෙහි හෙතෙම එම තනතුරෙහි පිහිටුවා ඇත.
ඔහු වැඩබලන පොලිස්පතිවරයා සේ පත්වීමෙන් පසු අරඹන ලද ''යුක්තිය" විශේෂ මෙහෙයුම ඉතා සාර්ථික මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ උදෙසා මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ද පූර්ණ සහයෝගය ආධාර හා අනුබල දෙමින් රටේ හැම අස්සක් මුල්ලක් නෑරම පැතිර පවතින විෂ මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධකරඅවන් ගේ ක්‍රියාකාරකම්වලට වැට බලදින්නට ගන්නා උත්සාහය කෙරෙහි පොදු මහජනයා තුළ ඇත්තේ මහත් වූ ප්රශංසාවකැ යි අසන්නට ලැබේ.
තෙන්නකෝන් මහතා අද පත්වීම් ලබන්නේ මේ රටේ 36 වැනි පොලිස්පතිවරයා ලෙසට යි.