උණුසුම් පුවත්

පොලිස් පොතෙන්

පොලිස් මාධ්ය නිවේදන දෙකක්

හෙරොයින් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

මොහු අල්ලා ගෙන ඇත්තේ මරදානේ ලෝකට්ලේන් හි දී ය. සැකකරු ළඟ හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් තුන්සිය හැත්තැහතක් (06 .377) ක් තිබී ඇතැ යි පොලිසිය කියයි. ඉකුත් 24 වන දා දිවා කාලයේ කළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ‌ලද තොරතුරකට අනුව කළ වැටලීමේ දී ය.

මරදාන පොලිස් වසමේ නිවසක් බිඳ පවුම් නමයක් පමණ වටිනා රන් අබරණ හා අත්ඔරලෝසුවක් සොරකම් කරන ලද බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය කර ගත් පොලිසිය ඒ රන් භාණ්ඩ හා ඔරලෝසුව ද සොයා ගෙන ඇත. සැකකරු හතළිස් හත් වැනි වියේ පසුවන්නෙකි.

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

වන සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගන්නට සැමියා ද පුතා ද සමඟ පැල් රකිමින් හුන් කාන්තාවක් මෙම අවාසනාවත්ත ඛේදයට ලක්වන ලද්දේ ඊයේ (26)  අලුයම බව පොලිසිය කියයි. ඒ් වැලිකන්ද පොලිසිය ට ලද ආරංචියක් අනුව කරන ලද හොයා බැලීමේ දී ය. වැලිකන්ද පොලිස් වසමේ මුතුවැල්ල ප්‍රදේශයේ දී ය. අලිය ගේ පහරදීමට ලක්ව සැමියා ද මියගිය කාන්තාවගේ පුතාට ද සුළු තුවාල සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.