උණුසුම් පුවත්කාලීනදේශපාලන

නාමල් අත්අඩංගුවට ගනී

අධිකරණය හමුවට ඔහු ඉදිරිපත් කිරීමට නියමිත ය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදි.

කොමිසමේ නියමය පරිදි අද පෙරවරු 9. 00 ට හෙතෙම එහි යන ලදි. 
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ගැනීමට  අල්ලස් කොමිසම විසින් කරන ලද කැඳවීමක් අනුව ඔහු එහි ගිය පසු ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු හෙතෙම මෙසේ අත්අඩංගුවට ගැනුණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මීට පෙර ද ගුවන් බස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැ යි කියන්නා වූ අක්‍රමිකතා පිළිබඳව රාජපක්ෂ මන්ත්‍රීවරයා ගෙන් ප්‍රශ්න කර තිබුණි.
අත්අඩංගුවට ලන්නා ලද නාමල් රාජපක්ෂ මහතා ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.