උණුසුම් පුවත්කාලීනදේශපාලන

නාමල් 18 දා දක්වා රිමාන්ඩ් කරයි

එයාර් බස් ගැනීමේනී කෙරුණු බව කියන අල්ලස් ගනුදෙනුවක් ගැන චෝදනා කෙරේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. 

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.  බෝදරගම මහතා හමුවට රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමෙන් පසු පැමිණිල්ලේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව යි. 
ශී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට ගුවන් බස් මිලදී ගැනීමේ දී රුපියල් මිලියන 100 ක මුදලක් අල්ලස් මුදලක් ලබා ගත්තේ ය යන චෝදනාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු . මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වන ලදි. නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇප අයදුම්පතක් ඉදිරිපත් කරනු ලැබුව ද දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව බෝදරගම මහතා විසින් නියෝග කරන ලද්දේ සැකකාර නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.