උණුසුම් පුවත්

නෝර්වේ තානාපතිනිය ජාතික ජන බලවේගයේ කට්ටිය හමුවෙයි

ආර්ථික අර්බුදය යි දේශපාලන තත්ත්වයි ගැන අනුර යි හරිනි යි හේරතු යි එක්ක කතා කරා ලු

නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (02) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය ද දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳව ද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ ගැන ද අවධානය යොමු විය.

නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට කරමින් සිටින ආධාර පිළිබඳව ද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පසු කරනු ලබන පළමු හමුව බව ද තානාපතිවරිය විසින් පෙන්වා දෙන ලදී.