උණුසුම් පුවත්

ලක්ෂ්මන් යාපා දකුණේ වැඩ අරඹයි

මහා භීෂණ යුගයේ දේශපාලන පොරපිටියට ‌පිවිසි ‌ඔහු

ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ (02) වැඩ භාරගත් දකුණේ නව ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (03) සිය ධුරයේ නිල කටයුතු ඇරඹීය. ඔහු දකුණු පළාතේ දොළොස් වැනි ආණ්ඩුකාරවරයා සේ සනිටුහන් වේ. 

න ආණ්ඩුකාර ධූරයේ අබේවර්ධන මහතා වැඩ ඇරඹීමේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර   නීතිවේදී ලලිත් යූ ගමගේ, කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, රාජ්‍ය ඇමති ‌නීතිඥ මොහාන් පී ද සිල්වා,  හා  පර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීථ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල යන මහත්වරුද එක්වූහ.

මාතර ශාන්ත සර්වේෂස් විදුහලේ මෙන් ම ගාල්ල මහින්ද විද්‍යාලයේ ද ආදි සිසුවකු වන දකුණේ නව ආණ්ඩුකාරවරයා 1982 දී දේශපාලනය ක්‍රියාකාරීව හවුල් වී 1988  පැවති දකුණු පළාත් සභා මැතිවරණයට රටේ පැවති අති බිහිසුණු අවධියේ මාතර දිස්ත්‍රික්කයට එක්සත්  ජාතික පක්ෂයෙන් තරග වැද ජය ලැබ පළාත් සභා මන්ත්‍රීවරයකු සේ දේශපාලන පොරපිටියේ කැපී පෙනෙන චරිකයක් උදෙසා අත්පොත් තැබී ය. එතැන් පටන් හේ දෙවන දකුණු පළාත් සභාවේ ද නියෝජිතයකු සේ ජය අත්කර ගෙන 1994 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික දේශපාලනයට පිවිස 2002 වසරේ විදේශ රැකියා සුබසාධක ඇමතිවරයා ලෙසත් 2007 ජනමාධ්‍ය රාජ්‍ය ඇමතිවරයා ලෙසත් පත්වීම ලැබී ය. 2010 දී ආර්ථික සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා සේ පත්වූ අබේවර්ධන මහතා විවිධ ඇමති තනතුරුවලින් පිදුම් ලැබ 2020 දී ජනමාධ්‍ය අමාත්‍යවරයා සේ ක්‍රියාකළේ ය. 

ලක්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සේ පත්වීමට පෙර වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා සේ හවුරුද්දක පමණ කලක් කටයුතු කළේ ය.

හෙළදිව දකුණේ නව ආණ්ඩුකාර ධූරයට පත් ලක්මන් යාපා අබේවර්ධනයන්ට සුබ පැතුම් පිරි නමන්නී ය.