උණුසුම් පුවත්කාලීනපරිසරය

ප්‍රධාන ජලාශ 74 හි ම ජල මට්ටම බොහොමත් ම පහලට!

ඌව සහ නැගෙනහිර පළාත්වලට වර්ෂාව ලැබෙනු ඇතැයි කාලගුණ අනාවැකි සඳහන් කරයි

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව පවතින්නේ 34% ක පමණ පහළ මට්ටමක පවතින බව ජල විද්‍යා හා ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.

එසේම පසුගිය පැය 24 සහ 48 ක කාලය තුළ මාතර, ගාල්ල, බස්නාහිර, වයඹ, සබරගමුව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, අම්පාර, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබී ඇති බව ඔහු කියයි.
මේ අතර ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනයේ යම් වැඩිවීමක් දක්නට ලැබුණු අතර, ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය වශයෙන් මිලිමීටර් 40 ක පමණ අගයක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
තවද අමතරව අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට මිලිමීටර් 25 ත් 30 ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇත.
කෙසේ වෙතත් වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශවලටද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙන අතර, විශේෂයෙන් මාදුරුඔය සහ ඒ් අවට තෙත් කලාපීය ප්‍රදේශවලට ඉකුත් දිනවල මිලිමීටර් 100 ක පමණ තද වැසි ලැබී ඇත..