උණුසුම් පුවත්දේශපාලන

පාලකයින්ගේ සුරසැප විඳින දේශපාලනය රකින්න ජනතාව සූදානම් නැහැ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි

සමස්ත සමාජයම එකතු කර නව පරිවර්තනයට උර දෙමු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

අපි ආණ්ඩුව ගත් විගසම දරුවාගේ අධ්‍යාපනය සහතික කරනවා. අධ්‍යාපනයය ලබාදීම ආරම්භයේ සිටම ගුරුවරු, පාසල් උපකරණ, අභ්‍යාස පොත්, දුප්පත් පාසල්වලට දිවා ආහාර වේලක් ලබාදීම අපි සැලසුම් කරනවා. රනිල් කියන විදියට 2015 ඉපදුන දරුවට පළමු වසරට ඇතුළත් වෙන්න 2048 වෙනකල් ඉන්න කියනවද? ඒ වගේම සෞඛ්‍ය පහසුකම් සපයන්න අවශ්‍යයි. ඔපරේෂන් එකක් කරන්න බලන් ඉන්න රෝගියාට 2024 වෙනකල් ඉන්න කියන්න පුළුවන්ද. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ එහෙම. ආහාර පාන, අධ්‍යාපනය, සෞඛ්‍යය අපේ පාලනයකදී කඩිනම් සහන ලෙස ලබාදෙන බවට තහවුරු කරනවා. මේ අවශ්‍යතා තහවුරු නොකර රටක් ගොඩගත නොහැකියි. රනිල් ආර්ථිකය හැදුවා කියනවා. කන්න බොන්න නැතුව බෙහෙත් ටික නැතුව දරුවට අධ්‍යාපනය නැතුව ගොඩදාපු ආර්ථිකය මොකක්ද? මේවාට මුදල් හොයාගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති. මුදල් හොයාගන්න විදිය අපි කියන්නම්. අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඊට අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කළා. එහි නීතිවල, කාර්ය මණ්ඩලයේ, තාක්ෂණයේ වෙනස්කම් කරන්න තිබෙනවා. මේ වෙනස්කම් කළහොත් දැන් ලබන ආදායම දෙගුණයකින් වැඩි කළ හැකිව තිබෙනවා. කස්ටම් එකේ, සුරාබදු එකේ ආදායම් වැඩි කළ හැකියි. ජොන්ස්ටන්, දයා ගමගේ, ඇලෝසියස් මහ බැංකුවට පොලු තියපු අය. මේ ධනය එකතු කරගත හැකියි. මේ ආදායම් හරහා පුරවැසියන්ගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය අපි තහවුරු කරනවා.

ආහාර පාන අධ්‍යාපනය සෞඛ්‍ය විතරක් නෙවෙයි සමාජ සුරක්ෂිතතාවය, මානසික සුවය, රස වින්දනය ජනතාවට අවශ්‍යයි. ගෙදර අය එකට ඉඳගෙන දවසකට එක කෑම වේලක් හරි රසවිඳින්න ඕන නැද්ද? එහෙම ජීවිතයක් අපිට අවශ්‍ය නැද්ද? එවැනි සතුටින් ඉන්න ජනතාවක්, රටක් ගොඩනගන්න නව ආර්ථික සැලැස්මක් අපට ඕනෑ. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සාරවත් මහ පොළොවක් තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් පෝෂණය කළ හැකි ප්‍රදේශයක්. අපි ගොවියාගේ ජීවිතය උසස් කිරීම සඳහා වූ අටවැදෑරුම් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදා තිබෙනවා. රත්නපුරයේ සම්පතක් වන මැණික් අගය එකතු කළ වටිනා සම්පතක් බවට පත් කිරීමට අපි සැලසුම් හදා තිබෙනවා. විශාල වශයෙන් ඇති තේ වගාව, ඒ සමග ජීවත්වන ජන ප්‍රජාව ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය, නාවික කර්මාන්තය, නාවික කර්මාන්තයත් එක්ක ගොඩනැගෙන මැරයන් සර්විස් එක දියණු කරන්න අපි සැලසුම් සකස්කොට තිබෙනවා.

ජාතික සමගිය ගොඩනැගිය හැකි, සිංහල, දෙමළ, මුස්ලිම් හැමටම සාධාරණ සමාජයක් පිහිටුවිය හැකි එකම වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාවයි. අපේ රට ආර්ථික, දේශපාලනික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් විශාල පරිහානියකට පත්කර අපේ ජීවිත සුනුවිසුණු කර දමන්නට ගෙවුණු වසර 76 රට පාලනය කළ අය ක්‍රියාකර තිබෙනවා. සුනුවිසුණු වී, බලාපොරොත්තු විරහිත අපේ ජීවිත තවදුරටත් ඒ ලෙස යාමට දිය නොහැකි බව අධිෂ්ඨානය කරගත් අපි ගමින් ගමට ගොස් ගෙයින් ගෙයට ගොස් කාන්තා සභා පිහිටුවා නව පුනරුදයක් සඳහා කාන්තාවන් පෙළගැස්වූවා. ඔවුන් මේ එකතු වී සිටින්නේ වෙනත් දේශපාලන පක්ෂවල මෙන් බලය වෙනුවෙන්, තනතුරු වෙනුවෙන්, වරප්‍රසාද හෝ එදා වේලට හමුවෙන මුදලක් වෙනුවෙන් නොවෙයි. අපේ දරුවන්ට සතුටින්, හොඳින් ජීවත් විය හැකි රටක් පිහිටුවීම සඳහා එකතු වුණු බලවේගයක් මේ ඉන්නේ. අපි හැමදෙනාටම එකාවන්ව සිනාසිය හැකි රටක් ගොඩනඟා, ජයග්‍රාහී හෙටක් ලබාදෙන බවට විශ්වාසය ගොඩනඟා අවසන්. මෙතෙක් රට පාලනය කළ කඳවුර සලිත වෙන ආකාරයේ පෙළගැස්මක් අප වටා තිබෙනවා. අපට අවලාද නගන්නේ, අපවාද නගන්නේ මේ ජන බලය දැකලයි.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කර, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබූ පුද්ගලයෙක් පොලිස්පති ලෙස පත්කිරීමට ක්‍රියාකර තිබෙනවා. එවැනි පොලිස්පතිවරයෙකු යටතේ නිීතිය හා සාමය ක්‍රියාත්මක වෙද්දී අපේ රටේ දරුවන්ට, ජනතාවට යුක්තිය නිර්මාණය වෙන්නේ නැහැ. නීතිගරුක දේශයක් නිර්මාණය කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණක් බව පැහැදිලි වී තිබෙනවා.මේ රටේ ජනතාව සබුද්ධික දේශපාලනයකට යොමු කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. සමාජයේ වගේම දේශපාලන පක්ෂයකත් නායකයාගේ පටන් පහළ දක්වා සමාජ සංස්කෘතික විනයක් තිබෙන්නේ ඕනෑ. ආචාරධාර්මික ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. වතුකරය ගත්තත් උතුරු - නැගෙනහිර ගත්තත් කොළඹ, තිහාරිය, හම්බන්තොට ගත්තත් ඕනෑම ප්‍රදේශයක ජීවත් වෙන මිනිසුන්ට සතුටින් නිදහසේ ජීවත් වීමේ අයිතිය තිබෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් නිවහල් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි.

 අලුතින් හිරු පායන රටක් එළඹෙන ජනාධිපතිවරයෙන් පසුව අපි සාමූහිකව එක්වී ගොඩනඟන බව සහතික කරනවා. පසුගිය වසරට වඩා මේ වසරේ දරිද්‍රතාවය 27% න් ඉහළ නංවා තිබෙනවා. ලංකාවේ සෑම පවුල්වලින්ම 2/3ක් පසුගිය වසරට වඩා මේ වසරේ ආදායම් බිඳවැටී තිබෙනවා. මේ ප්‍රශ්නවලට උත්තරයක් දෙන්න පාලකයන්ට බැහැ. ලක්ෂ 16ක් වූ සමෘද්ධි ප්‍රතිලාභීන් අස්වැසුම තුළදී ලක්ෂ 24 ක් වී තිබෙන්නේ ඒ නොහැකිකම ඔප්පු කරමිනුයි. සහනාධාර ලැබිය යුතු මට්ටමට ජනතාවගේ ආදායම් පහත දමා, බදුබර පැටවූ පාලකයින්ගේ සුරසැප විඳින දේශපාලන කඳවුර රකින්න සූදානම් නැති බව ජනතාව ඔප්පුකර තිබෙනවා. අපි සියලු දෙනාටම සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව එකාවන්ව ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න එකාවන්ව එකතු වෙමු.

දේශපාලනයට මැදිහත් නොවීමේ දඬුවම තක්කඩියන්ගෙන් පාලනය වීමට සිදුවීමයි  - ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි 

ජනාධිපති වෙනස් වුණා, අගමැති වෙනස් වුණා, ඇමතිවරු වෙනස් වුණා වගේම ජාතික අධ්‍යාපන ආයතනය ආණ්ඩු මාරුවෙන ආකාරයට අධ්‍යාපනය වෙනස් කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලැබෙන්නේ නැහැ. ස්මාර්ට් ක්ලාස්රූම්, කෘත්‍රිම බුද්ධිය ගැන ඔවුන් කතා කළත් නිසි කලට පෙළපොත් ටිකවත් අපේදරුවන්ට ලබාදෙන්න ඔවුන් අසමත් වී සිටිනවා. හොඳම දේ දරුවන්ටයි කියලා වී.අයි. ලෙනින් ප්‍රකාශ කළත් මේ රටේ හොඳම දේ ලැබෙන්නේ පාලකයන්ගේ දරුවන්ට පමණයි. අපිත් අපේ රටේ දරුවන් වෙනුවෙන් මේතත්වය වෙනස් කර, හොඳම දේ ලබාදෙන පාලනයක් පිහිටු විය යුතුයි. රටේ හැම පාසලකටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන සමාන පහසුකම් ලබාදීමට අපි ප්‍රමුඛත්වය දී තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල බවටපත්කිරීම සිහිනයක් නොවී යථාර්ථයක් කිරීම තව මාස අටකින් ආරම්භ කරනවා. ගැහැනු අපේ ප්‍රශ්න විසඳන්න පටන් ගන්නේ එතනින්. ජාතික ජන බලවේගයේ ගැහැනු 2023 දෙසැම්බර් 30 දා සිට මාතරින් පටන්ගෙන ලක්ෂ ගණනින් එක මිටට එකතු වී මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට වඩ වඩාත් පෙළගැසී සිටිනවා. අනෙක් දේශපාලන ව්‍යාපාරවල ප්‍රථම රාජකාරිය බවට පත්කර ගෙන තිබෙන්නේ අපට අවලාද නැගීම සහ මඩ ගැසීමයි. අපිට එවැනි වෛරී චේතනා නැහැ. අපේ පැය 24 ගෙවෙන්නේ මේ රටේ දරුවන්ට හොඳම දේ, ගුණාත්මකම දේ ලබාදෙන පාලනයක් පිහිටුවීමට.