උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

තරු යතුර

ප්‍රවීණ කියකු, ගීත රචකයකු මෙන් ම මාධ්‍යවේදියකු ද වන ලලිත් රෝහණ ලියනගේ ගේ නවතම කාව්‍ය සංග්‍රහය ''තරු යතුර" ඉකුත් දා ජනගත කෙරැණි. ඒ අගමැති දිනේෂ් ගුණවර්ධනයන් ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී ය. ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලීය ශ්‍රවණාගාරයේ දී ය.

පද්‍ය පන්ති 64 කින් සමන්විත ''තරු යතුර" කතුවරයා ගේ දහ වැනි කෘතිය යි.

පිපාසය, ඉකිබිඳින්න ද මුදු පැලැන්දේ, අකීකරු අකුරු වැල්, අරගලයක බල පොරය, බොර වතුර, දේවදූතිකා, හෙළ රජ වත, බස්සා සහ සඳ එළිය හා අකුරු කර නොමැති අකුරක් ලලිත් ගේ පන්හිඳෙන් ලියැවුණු අනෙක් කාව්‍ය කෘතිහු වෙති.

හෙළ හනුලේ වත්මන් නයුවාණන් වන ශ්‍රීනාත් ගණේවත්තයන් ගේ පෙරවදනකින් ද, සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න යන මහත්වරුන් විසින් ලලිත් ගේ තරු යතුර කෘතිය පිළිබඳව දක්වා ඇති අගනා අදහස් කතුවරයා ගේ හදගැස්ම මැනවින් වටහා ගත් නිර්මාණශීලී දෙටු සාහිතවේදීන් තිදෙනා දක්වා ඇති අදහස් පාඨකයාට ලලිත් කෙබන්දකු දැ යි වටහා ගන්නට හේතුවනු ඇත.

කතුවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් ගේ මාධ්‍ය ලේකම්වරයා යි.

තරු යතුර මිල රුපියල් 500. 00 කි.