ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම….!! 2026-08-120 මහාධිකරණය දිනපතා රාත්‍රී දහයක තෙක් නඩුව විභාගයට ගනියි ශ්‍රී ලංකාවේ 2019 අප්‍රේල් 21 වැනිදා වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අධිකරණ ආරංචි මාර්ග පවසයි. වසර පහකට ආසන්න කාලයක් තිස්සේ විභාග කෙරෙමින් ඇති මේ නඩුවේ දී දින 245 ක තරම් කාලයක් දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම ඊයේ (11) අවසන් විය. පැමිණිල්ලේ සාක්ෂි අවසන් වීමෙන් පසු විත්තියේ සාක්ෂි විමසීමට නියමිත ය. නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මේ නඩු කෘතිය විභාග වෙමින් පවතී. පසුගිය කාලයේ මෙම නඩුව දිනපතා රාත්‍රී දහය පමණ වනතෙක් විභාග කිරීම ඇරඹුණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා තිබෙන තවත් නඩු තිස් එකක් ද මහාධිකරණ හමුවේ දැනට විභාග වෙමින් පවතී.. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ඉඩම් පරිපාලනය ඩිජිටල්කරණය කර විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව නවීකරණය කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය Next Article මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම ලබාදීමේ යෝජනාවට දැඩි විරෝධය